දේශීය

දැන් ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීම ආරම්භ කළා – ජනපති

ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට අදාළව ද්විපාර්ශ්වික ණය හිමියන් වෙතින් ඩොලර් බිලියන 05ක ණය පොලී සහනයක් සහ වාණිජ ණය හිමියන් එකඟ වී ඇති ආකාරයට ඩොලර් බිලියන 03ක ණය කපා හැරීමක් සිදුවන බවත් ඒ අනුව ගෙවීමට තිබූ ණය ප්‍රමාණයෙන් ඩොලර් බිලියන 08ක සහනයක් රටේ ජනතාවට ලබාදීමට හැකි වී තිබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

file

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ “උරුමය” ජාතික වැඩසටහන යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සුදුසුකම්ලාභීන් 73,143ක් අතුරින් පුද්ගලයන් 463ක් වෙනුවෙන් සංකේතාත්මකව ඔප්පු ප්‍රදානය කිරීම වෙනුවෙන් ඊයේ (05) පෙරවරුවේ කුරුණෑගල වයඹ පළාත් ශ්‍රවණාගාරයේ පැවති උත්සවය අමතමිනි.

file

මෙහිදි අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඇතැමුන් සමාජවාදය ගැන කථා කළද, නියම සමාජවාදය ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීම බවයි.

file

රට බංකොලොත්භාවයෙන් මුදාගත් ආණ්ඩුව දැන් ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙමින් සිටින බව පැවසූ ජනාධිපතිවරයා “උරුමය” සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන මඟින් තවත් ලක්ෂ 20ක ජනතාවකට ඉඩම් අයිතිය හිමි වන බවද පෙන්වා දුන්නේය.

තමා ආණ්ඩුව භාරගත්තේ ආණ්ඩුව භාර ගැනීමට නායකයන් සොයා ගත නොහැකි වූ කාලයක බවද මෙහිදී පැවසු ජනාධිපතිවරයා නිවැරදි ආර්ථික කළමනාකරණය හේතුවෙන් අද රට ආර්ථික අර්බුදයෙන් ගොඩඑමින් තිබෙන බවත්, නව ආර්ථිකයක් සමඟ රට ඉදිරියට ගෙන යාමේ දී කුරණෑගල දිස්ත්‍රික්කය ද නව සංවර්ධන සැලැස්මක් යටතේ පුළුල් සංවර්ධනයකට ලක් වන බවත් සඳහන් කළේය.

file

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජීවත්වන්නේ රටට බත සපයන ගොවි ජනතාවයි. නමුත් ඔවුන්ට මෙතෙක් තම ඉඩම්වල අයිතිය හිමිව තිබුණේ නැහැ. තමන් ජීවත්වන බිමේ නීත්‍යානුකූල අයිතිය හිමි නොවූ ලක්ෂ ගණනක් ජනතාව අද මේ රටේ සිටිනවා. ඔවුන්ට අයිතිය ලබාදීම වෙනුවෙන් අප උරුමය වැඩසටහන ක්‍රියාත්මක කළා.

මම ආණ්ඩුව හැදුවේ ඉතා අසීරු කාලයකදීයි. ආණ්ඩුව භාර ගැනීමට නායකයන් සොයාගත නොහැකි වූ කාලයකයි. නමුත් මම ආණ්ඩුව භාරගත්තා. සෑම පක්ෂයකම කොටස් එක් කර ගනිමින් ආණ්ඩුව ගොඩනැගුවා. දැන් ජනතාවගේ ප්‍රශ්න විසඳීම ආරම්භ කර තිබෙනවා.

මේ රටේ ආර්ථිකය කඩා වැටුණු අවස්ථාවේ ජනතාව බලාපොරොත්තු අත් හැරියා. අද මම මෙම ප්‍රදේශයේ මන්ත්‍රීවරුන්ට ස්තූතියි කළ යුතුයි. තමන්ගේ නිවස ගිනි බත් වුවත් ඔවුන් ඒ ගැන සිතුවේ නැහැ. ඔවුන් ජනතාව ගැන සිතා ජනතාවට සහන ලබාදීමට කටයුතු කර තිබෙනවා. අද අප රට බංකොලොත්භාවයෙන් නිදහස් කරගෙන තිබෙනවා. අපට ණය ආපසු ගෙවීම සඳහා වසර 04 ක කාලයක් හිමි වෙනවා. ඒ වගේම වසර 06ක් පමණ සැහැල්ලු බරකින් ණය ගෙවීමට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම ගෙවන පොළියෙන් කොටසක් කපා දමා තිබෙනවා. එයින් අපට ඩොලර් බිලියන 05ක් ලැබෙනවා.

ඒ වගේම අප පුද්ගලික බැදුම්කර හිමියන් සමඟ සාකච්ඡා කළා. ණය මුදල අඩු කිරීමට ඔවුන් එකඟ වුණා. ඒ අනුව ඩොලර් බිලියන 03ක පමණ ණය ඉවත්වීමක් සිදු වෙනවා. එසේ නම් සම්පූර්ණයෙන් අපට ගෙවීමට තිබෙන මුදල්වලින් ඩොලර් බිලියන 08ක් ඉවත් කර තිබෙනවා. මේ සහනය මේ රටේ ජනතාවට ලැබී තිබෙනවා.

ඒ වගේම ලිහිල් කොන්දේසි යටතේ අපට ඩොලර් බිලියන 02ක් ලබා දී තිබෙනවා. චීනය ලබාදීමට නියමිත මුදල් සහ ඉන්දියාවෙන් ලැබීමට තිබෙන ආධාර ඊට අයත් වන්නේ නැහැ. අප ආණ්ඩුව භාරගෙන තවම වසර දෙකක් නැහැ. නමුත් මෙම කාලය තුළදි අප ඩොලර් බිලියන 08ක් බේරාගෙන තිබෙනවා.

මා ආණ්ඩුව භාර ගැනීමට පෙර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේ අපට ඉන්දියාව ලිහිල් කොන්දේසි ණය මත ඩොලර් බිලියන තුන හමාරක් ලබා දුන්නා. ඒ වගේම බංග්ලාදේශයෙන් ඩොලර් මිලියන 200ක් ලබා දුන්නා. ආර්ථික අසීරුතා හමුවේ වුවද අප බංග්ලදේශය ලබා දුන් ඩොලර් මිලියන 200 ආපසු ගෙවා තිබෙනවා.

ආර්ථිකය ගොඩනැඟීම වෙනුවෙන් අසීරු තීරණ ගැනීමට මට සිදු වුණා. වැට් බදු වැඩි කිරීම පහසු දෙයක් නොවෙයි. නමුත් ආර්ථිකය සකස් කිරීම වෙනුවෙන් එය කිරීමට සිදු වුණා. ඇතැම් නායකයන් පාරට එන්න, ගෙවල් ගිනි තියන්න කියලා ජනතාවට කිව්වා. ආණ්ඩුවට සහාය දෙන්න එපා කියලා කිව්වා. ගොවි මහත්වරුන්ට කිව්වා නැවත කොළඹට එන්න කියලා. කොළඹට එන්න බැහැ ඉන්ධන නැතිව.

අපි ජනතාවට අවශ්‍ය ඉන්ධන , පොහොර ලබා දුන්නා. ඒ අවස්ථාවේ දී පවා ගොවි ජනතාවට කිව්වේ වගා කරන්නේ නැතිව කොළඹට එන්න කියලා.

මේ රටේ ගොවි ජනතාව 2022 – 2023 කන්නවල ලබාදුන් අස්වැන්න නිසා තමයි මේ රටේ නිෂ්පාදනය වැඩි වුණේ. ඒ සමඟම සංචාරක ව්‍යාපාරය දියුණු වුණා. මේ සියල්ල සමඟ අද අපි ඩොලර් බිලියන 08ක සහනයක් ලබාගෙන ණය බරින් නිදහස් වීමට මාර්ගය සකස් කරගෙන තිබෙනවා.

ආර්ථිකය කඩා වැටෙද්දි එයින් වැඩිපුරම පීඩාවට පත්වන්නේ සාමාන්‍ය ජනතාව. දියුණුවන විට එහි වාසිය කොටසකට පමණක් හිමි වෙනවා. අප උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කළේ සාමාන්‍ය ජනතාවට ප්‍රතිලාභ ලබාදීම වෙනුවෙනුයි. පරම්පරා ගණනාවක් ජීවත්වූ ඉඩම් කොටසේ සින්නක්කර අයිතිය අද එම ජනතාවට හිමි වෙනවා. මෙය ආණ්ඩුව තැබූ වාර්තාවක් බව කිවයුතුයි.

අනිත් අය සමාජවාදය ගැන කථා කරනවා. නමුත් නියම සමාජවාදය මෙයයි. ඉඩම් ජනතා අයිතියට ලබා දීම මේ හරහා සිදු වෙනවා. මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙන්නේ ලෝකයේ රටවල් දෙකක් පමණයි. ඒ ජපනය සහ දකුණු කොරියාවයි. නමුත් එම රටවල් දෙකේම සිදු වුණේ අඩු මුදලකට ඉඩම් ලබාදීමයි. නමුත් අප මේ ඉඩම් ලබා දෙන්නේ නොමිලේ බව කිවයුතුයි. මෙම වැඩසටහන මඟින් මේ රටේ අයිතිය තිබෙන ජනතාව තවත් ලක්ෂ 20කින් වැඩි කර තිබෙනවා.

ඒ වගේම සමෘද්ධි වැඩසටහනේ ප්‍රතිලාභ මෙන් තෙගුණයක් ජනතාවට ලබාදෙමින් අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක කළා. අපි මේ වැඩසටහන් ක්‍රියාත්මක කළේ බංකොලොත් වූ රටකයි. කෙතරම් අසිරුතා තිබුණත් රජයේ සේවකයන්ට රුපියල් දස දහසක දීමනාවක් ලබා දුන්නා. වැටුප් වැඩි කිරීම පිළිබඳ ඉදිරි වසරේදී අවධානය යොමු කළ හැකියි. මේ හා සමගාමීව පුද්ගලික අංශයේ වැටුප් වැඩිවීමක් ද සිදු වුණා. සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම් ඉහළ ගියා. අද නවීන සංචාරක ව්‍යාපරයක් රටේ ක්‍රියාත්මක වෙනවා. මේ සමඟ ජනතාවගේ ආදායම් මාර්ග ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය පෙසොන් පොහොයට රට පුරා දන්සැල් විශාල ප්‍රමාණයක් පැවත්වුණා. මීට දෙවසරකට පෙර ජනතාවට කන්න නැතිවයි සිටියේ. අද ඔබේ දහඩිය මහන්සියෙන් නෙළාගත් අස්වැන්නෙන් පොසොන් පොහොයට ලංකා ඉතිහාසයේ මෙතෙක් නොපැත්වුණු දන්සැල් ප්‍රමාණයක් පසුගිය පොසොන් පොහොය සමයේ පැවැත්වුණා. මේ පිළිබඳ විදෙස් තානාපතිවරුන් මා සමඟ පුදුමය පළ කළා. මේ අපේ ශක්තියයි.මේ අනුව ජනතාවට උපකාර කළ හැකි සෑම අන්දමකින්ම එම සහන ලබාදීමට අප කටයුතු කරනවා. ඒ සමඟම රට දියුණුව කරා ගෙන යනවා.

ඒ වගේම මේ වන විට මෙම කුරුණෑගල දිස්ත්‍රික්කය සීග්‍රයෙන් දියුණුවෙමින් පවතිනවා. ගම්පහ සහ කොළඹින් පසුව වැඩිම ජනගහණයක් ජිවත්වන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ. මේ පළාත සැලැස්මක් අනුව දියුණු කිරීම අපේ අරමුණයි. ඒ නිසා බිංගිරිය ප්‍රදේශයේ වෙළෙඳ කලාපයක් ඇති කිරීම වෙනුවෙන් අක්කර 1000ක් පමණ වෙන් කර තිබෙනවා. එය ඉරණවිල සංචාරක කලාපය සමඟ එක් කරනවා. එවිට මෙම බිංගිරිය, මාදම්පේ ප්‍රදේශ විශාල දියුණුවක් ලබනවා. ඒ වගේම කුලියාපිටියේ විශාල කර්මාන්ත දියුණුවක් ඇති කිරීමට සැලසුම් කර තිබෙනවා. එසේම කෘෂිකර්ම නවීකරණ වැඩසටහන යටතේ විශාලම වැඩසටහන ක්‍රියාත්මක වන්නේ මේ කුරුණෑගල දිස්ත්‍රික්කය තුළයි.

ඒ වගේම දැන් අපට ආධාර ලැබෙන නිසා අධිවේගි මාර්ගවල ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරෙනවා. අනෙක් මාර්ග පද්ධතියත් මේ සමඟ එක් වෙනවා. ඒ වගේම මෙම පළාතට නව විශ්වවිද්‍යාලයක් ලැබෙනවා. මේ අනුව ඉදිරි වසර කිහිපය තුළ කුරුණෑගල විශාල දියුණුවකට ලක් වෙනවා.

කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් මහතා,

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා 2024 අයවැය යෝජනාවකට අනුව ගනු ලැබු දැවැන්ත පියවරක් ලෙස උරුමය වැඩසටහන හැඳින්විය හැකියි. නිදහසින් පසුව මේ රටේ බොහෝ දෙනෙකුට තිබුණේ බලපත්‍ර සහිත ඉඩම්. ඔවුන්ට විවිධ නම්වලින් ඉඩම් සඳහා බලපත්‍ර ලබා දුන්නත් ඒ ඉඩම්වල අයිතිය තිබුණේ නැහැ. ජනතාවගේ ඉඩම් ප්‍රශ්න විසඳන්න රාජ්‍ය නිලධාරීන්ට මැදිහත්වීමට සිදුවුණා.

අද ජනතාවගේ ඉඩම් ගැටලු විසඳීමට ජනාධිපතිතුමා පියවර ගෙන තිබෙනවා. වයඹ පළාතේ ජනතාවගේ ඉඩම් ගැටලු විසඳීම සම්බන්ධව එතුමාට ස්තූතිය පුද කර සිටිනවා.

වයඹ පළාත් ආණ්ඩුකාර නසීර් අහමඩ් මහතා,

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන උරුමය වැඩසටහන අද වයඹ පළාත තුළ ක්‍රියාත්මක වීම පිළිබඳ සතුටු වෙනවා. මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ ජනතාවට නීත්‍යානුකූල ඉඩම් අයිතිය ලබා දීමයි.

මේ රටේ බොහෝ පිරිසකට තිබෙන්නේ ඉඩම් බලපත්‍ර පමණයි. ඒ ඉඩම්වල අයිතිය ඕනෑම අවස්ථාවක රජයට පවරා ගන්න පුළුවන්.

බලපත්‍ර ඉඩමකට වටිනාකමක් නැහැ. නිදහසින් පසුව මේ රටේ ජනතාවට සින්නක්කර ඔප්පු ලක්ෂ විස්සක් ලබාදෙන වැඩසටහනක් ක්‍රියාත්මක කළේ වත්මන් ජනාධිපතිතුමා පමණයි. උරුමය වැඩසටහන අනාගත ආයෝජනයක් බව කිවයුතුයි.

ඒ වගේම ජනාධිපතිතුමාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කෙරෙන කෘෂි නවීකරණ වැඩසටහන ගමට ගෙනවිත් තිබෙනවා. පසුගිය කාලයේ අප රටේ ජනතාව ගොඩක් දුක් වින්දා. ආර්ථික අර්බුදයෙන් රටත්, ජනතාවත් බේරා ගත් එකම නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා පමණයි. එතුමා කෙටි කාලයක් තුළ රටේ විශාල වෙනසක් සිදුකළා.

ඔබට උරුමය ලබා දෙනවාට ඇතැම් දේශපාලනඥයන් කැමති නැහැ. ඔවුන්ගේ කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට ඉඩදිය යුතු නැහැ. ජනාධිපතිතුමා තවදුරටත් බලයේ සිටිය යුතුයි. මේ රටට හුස්මක් ගැනීමට ඉඩ ලබා දුන් නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා බව අපට අමතක කරන්න බැහැ. අප රටේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් එතුමාගේ නායකත්වය යටතේ තවදුරටත් ඉදිරියට යා යුතුයි.

රාජ්‍ය අමාත්‍යවරුන් වන ශාන්ත බණ්ඩාර, ඩී. බී. හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, , අනුර ප්‍රියදර්ශන යාපා, අසංක නවරත්න, මංජුලා දිසානායක, සුමිත් උඩුකුඹුර, හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ආර්. එම්. ආර්. රත්නායක, වයඹ පළාත් සභාවේ සභාපති ටිකිරි අධිකාරි , ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් චන්ද්‍රා හේරත්, මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් මහේන්ද්‍ර අබේවර්ධන යන මහත්ම මහත්මීන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

:ජනාධිපති මාධ්‍ය අංශය

Recent Posts

පාප්වහන්සේට දෝශාරෝපණය කළ ට්‍රම්ප් තමන් ජේසුස්ට සමාන කර ගනී.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන් ජේසුස් බවට අර්ථ ගන්වන ජයාරූපයක් සිය සමාජ මාධ්‍ය ගිණුමට එක්කර…

1 week ago

BREAKING අද මධ්‍යම රාත්‍රියේ සිට 18 දක්වා පෙට්‍රල් වාහන සඳහා ‘QR’ ක්‍රමය ඉවතට

අද (11) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි QR ක්‍රමවේදයට කෝටා ක්‍රමයට වාහනවලට පෙට්‍රල් නිකුත් කිරීම…

2 weeks ago

ගල් අගුරු හොදද නැද්ද බලන්න මම කාලා බලන්නේ නැහැ ඒක කරන්නේ පරීක්ෂණාගාරවල නියමිත විදියට, ජනපති අනුර කුමාර දිසානායක

අර්බුදය හමුවේ ජනතාවට සහන සැලසීමට ජනපතිගෙන් මාස තුනක් සඳහා රුපියල් බිලියන 100ක සහන පැකේජයක් මැයි…

2 weeks ago

මෙහෙම ගියොත් ලංකා රග්බි වලපල්ලටම යයිද?

ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව වර්ධනය කිරීමේ අරමුණින් කටයුතු කරන බව පවසමින්, එයට විරුද්ධව ක්‍රියා කරන…

4 weeks ago

ඉරාන නායකයින් සාකච්ඡාවලට පිවිස ඇති නමුත් ඔවුන් එය ප්‍රකාශ කිරීමට බයයි – ට්‍රම්ප්

ඉරාන නායකයින් සාකච්ඡාවලට පිවිස ඇති නමුත් ඔවුන් එය ප්‍රකාශ කිරීමට බියෙන් පසුවන බව ඇමරිකානු ජනාධිපති…

4 weeks ago

වනස්පති ජාතික වැඩසටහන යටතේ තවත් වනාන්තර 50ක් රක්ෂිත ලෙස ආරක්ෂා කෙරේ – රක්ෂිත කෙරුණු මුලු වනාන්තර ගණන 79ක්

ලෝක වනාන්තර දිනයට සමගාමීව වනාන්තර 50ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීමට අදාළ ගැසට් පත්‍රයට අත්සන්…

4 weeks ago