Monday, March 16, 2026
Homeක්‍රීඩාඇෆ්ගනිස්ථානය පරදා දකුණු අප්‍රිකාව ලෝක කුසලානයේ අවසන් මහා තරගයට

ඇෆ්ගනිස්ථානය පරදා දකුණු අප්‍රිකාව ලෝක කුසලානයේ අවසන් මහා තරගයට

විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ අවසන් පූර්ව වටයේ ඇෆ්ගනිස්ථානයට එරෙහි තරගය කඩුලු 9කින් ජය ගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුණා.

ඒ අනුව දකුණු අප්‍රිකාව මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථානය පන්දුවාර 11යි පන්දු 5ක් තුළ සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 56ක් පමණයි.

ලකුණු 57ක ජයග්‍රාහී ඉලක්කයක් හබා ගිය දකුණු අප්‍රිකාව පන්දුවාර 8යි පන්දු 5ක් තුළ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 60ක් ලබා තරගය ජය ගත්තා.

දකුණු අප්‍රිකාව විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයක අවසන් මහා තරගයකට සුදුසුකම් ලබා ගත් පළමු අවස්ථාව මෙය වෙනවා.

READ:   2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරඟ කාලසටහන නිකුත්වෙයි.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්