දේශීය

විගමනික ශ්‍රමිකයන්ගෙන් ව්‍යවසායකයින් ලක්ෂයක් බිහිකිරීමේ වැඩසටහනක්

විදේශගත වී සිට ලංකාවට යළි පැමිණි ශ්‍රමිකයන් සහ සේවයේ නියුතු විදේශගත ශ්‍රමිකයන්ගේ පවුල්වල සාමාජිකයින් ඒකරාශී කරගනිමින් ශ්‍රී ලංකාව තුළ නව ව්‍යවසායකයින් ලක්ෂයක් බිහිකිරීමට කටයුතු කරන බවත් එම වැඩසටහන ජූලි 07 වැනිදා ආරම්භ කරන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අද (22) දින ආරම්භ කෙරුණ ‘ජයගමු ශ්‍රී ලංකා අම්පාරට’ දිස්ත්‍රික් සමාරම්භක වැඩසටහනේදී ප්‍රකාශ කළේය.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඒකාබද්ධව මෙම කටයුත්ත ආරම්භ කරන අතර ඒ සඳහා කටයුතු සූදානම් බව අමාත්‍යවරයා ප්‍රකාශයට පත් කළේ ව්‍යවසායකයින් තැනීමේ සහ දිරිගැන්වීමේ රට තුළ ඇති අවශ්‍යතාව පිළිබඳවද විශේෂයෙන් පැහැදිලි කරමිනි.

“අද මම විශේෂයෙන් සඳහන් කරනවා පිටරට ගිහින් ලංකාවට ආව අය, දැන් පිටරට ඉන්න අයගේ ලංකාවෙ පවුල්වල අයත් සමග ලංකාවේ ව්‍යවසායකයින් ලක්ෂයක් මේ ශ්‍රමිකයින් හරහා බිහි කිරීමේ අරමුණින් අමාත්‍යාංශය සමග එකතු වෙලා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු ආරම්භ කර තියෙනවා. ලක්ෂයකට රුපියල් 50,000 ගාණේ පළවෙනි ස්වයං රැකියා ආධාරය දීලා ව්‍යවසායකයන් ලක්ෂයක් කරන වැඩපිළිවෙළක් අපි ලබන 07 වැනිදායින් ආරම්භ කරනවා.” යැයි කී අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය.

“මේ රට මේ තත්ත්වයට ගේන්න මුදල් එවපු විගමනික ශ්‍රමිකයන්ට ස්තුතිය පළ කරන්න තමයි අද දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට ඇවිල්ලා අපි විගමනික ශ්‍රමික හරසර පිදීම කරන්නේ ඔබ වෙනුවෙන්. ඔබ කළ සේවයට යුතුකමට. රටට සල්ලි එවන්න එපා කියමින් රට වට්ටන්න කණ්ඩායමක් උත්සාහ කරද්දි ඒකට ඇහුම්කන් නොදී දිගාමඩුල්ලේ අම්මලා තාත්තලා ඩොලර් බිලියන 12කට ආසන්න මුදලක් දැන් අපිට එවලා තියෙන්නෙ. ඔවුන්ට අපේ ප්‍රණාමය, උත්තමාචාරය දෑත් එකතු කරලා අපි පුද කරනවා, ඔවුන්ගේ පවුල්වල සියලුම දෙනාටත් සමග.

මේ විගමනික ශ්‍රමිකයන්ට හරසර දක්වන්න අද අපි ස්මාට් බෝඩ්, ශිෂ්‍යත්ව, බෑග්, කූපන්, වවුචර්, ව්‍යවසායකයෝ වුණ අයට ආධාර ලබා දෙනවා. අද මම විශේෂයෙන් සඳහන් කරනවා පිටරට ගිහින් ලංකාවට ආව අය, දැන් පිටරට ඉන්න අයගේ ලංකාවෙ පවුල්වල අයත් සමග ලංකාවේ ව්‍යවසායකයින් ලක්ෂයක් මේ ශ්‍රමිකයින් හරහා බිහි කිරීමේ අරමුණින් අමාත්‍යාංශය සමග එකතු වෙලා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු ආරම්භ කර තියෙනවා. ලක්ෂයකට රුපියල් 50,000 ගාණේ පළවෙනි ස්වයං රැකියා ආධාරය දීලා ව්‍යවසායකයන් ලක්ෂයක් කරන වැඩපිළිවෙළක් අපි ලබන 07 වැනිදායින් ආරම්භ කරනවා.

පාසල් කාලෙ මම අම්පාර අහලා තිබුණේ වෙනම ලෝකයක් වගේ. දිගාමඩුල්ලේ ආශ්චර්ය ගැන අපි කියවාගත්තේ මායා රන්ජන්ගේ පොතින්. අම්පාර හඳුන්වා දීලා තියෙන්නේ දිගාමඩුල්ල ජනාවාසය මුල් කරගෙන. ඝන වනාන්තරයකින් වැහුණු දිගාමඩුල්ල ජනාවාස කරන්න කටයුතු කළේ, අම්පාර නූතන ඉතිහාසයට එකතු කරන්නේ ජාතියේ පියා මහාමාන්‍ය ඩී.එස්. සේනානායක. 1949 නිදහස් ලංකාවේ පළවෙනි සංවර්ධන ව්‍යාපෘතිය ගල් ඔය ව්‍යාපාරය ආරම්භ කළේ මෙහි. මෙහි මින්නේරිය වැව ඉදි කළ රජු දෙවියන් බවට පත් වුණා වාරි සංස්කෘතියට කළ මෙහෙයත් එක්ක. ඒ වගේම ඩී.ඇස්. මැතිතුමාටත් දේවත්වයෙන් සලකන්නේ ඒ නිසා. ගල් ඔය පටන්ගන්නකොට අර සහෝදරවරු ඒ දවස්වල කිව්වා, ඔය ගොවි ජනපදවල පදිංචි වෙන්න එපා, කාක්කෝ තරම් මදුරුවො ඉන්නවා, කැලෑ උණ හැදෙයි කියලා. දොස්තර වික්‍රමසිංහත් ඒ කාලේ කැලෑ ජෝන්ට පිස්සු කිව්වා. වම කියන්නේ හැමදාම ඉතිහාසයේ රටේ හැම සංවර්ධන ව්‍යාපෘතියකටම විරුද්ධ වුණ පිරිසක්. එදා සේනානායක සමුද්‍රයට කිව්වා අවුරුදු 20ක් යනකොට ගොඩ වෙලා යයි කියලා. අම්පාර යළි කැලෑවක් වෙයි කියලා මත හැදුවේ එහෙමයි.

ඒ රතු සහෝදරවරු තවමත් එහෙමම තමයි. උමා ඔයේ හිලක් කියලා විරුද්ධ වුණා. මෙගා වොට් 120ක් විදුලි පද්ධතියට එකතු කරන්න බැරි වුණා. දරුවො ලයිට් නැතුව වැඩ කරන්න බැරි වුණා. ජල විදුලියෙන් විදුලිය දෙන්න බැරි වුණ එක කවුරුත් කතා කළේ නෑ. අපේ රටට ඩොලර් නැති වුණාම කෑගැහුවා. හැබයි රටට ඩොලර් එන්න තිබුණ කොච්චර අපේ ව්‍යාපෘති නැති කළාද. චන්ද්‍රිකා මැතිනියගේ කාලේ මොනාශ් විශ්ව විද්‍යාලය ලංකාවට එන එක නැති කළා. ඒක ගිහිල්ලා හැදුවා මැලේසියාවේ. එහි ආර්ථිකය අද ඩොලර් බිලියන 400 ක් වාර්ෂිකව එකතු කර්නවා. රටේ ව්‍යාපෘති හැම එකකටම මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න සිදු වුණා. ලංකාවට සල්ලි එවන්න එපා කිව්වා. මේ වගේ අයගේ මූසල කතා උදේට දැක්කම කැඳත් නෑ කියනවා.

රට ගොඩනගන්න නිෂ්පාදන ආර්ථිකය ඩී.එස්. සේනානායක මහතා හැදුවේ 1948-49දි. අක්කර ලක්ෂ ගාණක වී, උක් වැව්වා. ජලාශ ඉදි කළා. ලංකාව සේවා ආර්ථිකයට මාරු වෙන්න ඕනේ, වරාය හදන්න ඕනේ. සංචාරක කර්මාන්තය දියුණු කරන්න ඕනේ. ඉලෝන් මස්ක් වැනි ව්‍යවසායකයො ලංකාවට ගේන්න ඕනේ.
ඉතිහාසෙ ඉඳලම වැඩ කරනකොට සංවර්ධන ව්‍යාපෘති කරනකොට විරුද්ධ වුණා. මෙහෙම රටකට ඉස්සරහට යන්න පුළුවන් වෙයිද? මැලේසියාව, සිංගප්පූරුව, එක්සත් අරාබිය, ඩුබායි, වියට්නාමය, චීනය වගේ රටවල බෝඩ් උද්ඝෝෂණ තියෙනවද, උද්ඝෝෂණ කළාම ඒ රටවල සංවර්ධන ව්‍යාපෘති නතර වුණාද? රටවල් දියුණු වුණේ බෝඩ් අල්ලන් හිටපු උන්ටයි පාරවල්වල කෑගහගෙන හූ කියපු උන්ටයි ඕන විදිහට නෙවෙයි. රටේ ජනතාව වෙනුවෙන් කළ යුතු දේට අභීතව තීන්දු ගත් නිසයි. අපේ මිනිසූ ඒකයි කීවේ හිට්ලර් කෙනෙක් රටට ඕනේ කියලා.

අද අපිට ඕන ඒ ගැන හිතලා මේ දරුවන්ගේ අනාගතය ආරක්ෂා කරන්න. මේ දරුවන්ගේ අනාගතේ ජීවත් වෙන්න, අම්මා තාත්තා නැතුව ජීවත් නොවෙන යුගයක් හදන්න අපිට ඕනේ. පොසොන් උත්සවයට ආ මේ ගමනේ අපි ප්‍රාර්ථනා කරමු මේ බංකොලොත් වුණ රට පාට,පක්ෂ භේදයෙන් තොරව ඉතා ඉක්මනින් බංකොලොත් රාජ්‍යයක් නොවෙන්නැයි කියලා.” යැයි අමාත්‍යවරයා පැවසීය.
මෙම අවස්ථාවට විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර, අම්පාර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති – පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී. වීරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි, හිටපු ක්‍රීඩා අමාත්‍ය දයා ගමගේ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී ශ්‍රියානි විජේවික්‍රම, අමාත්‍යාංශ ලේකම් ආර්.පී.ඒ. විමලවීර, අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අභයවික්‍රම, අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මංගලා කරුණාතිලක, මිනිස් බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කේ.ජී.එච්.එන්.ආර්. කිරිඇල්ල, පොලිස් අධිකාරී ජේ.එච්.එම්.එන්. ජයපද්ම, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති හිල්මි අසීස්, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික හිල්මි අසීස් ඇතුළු අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනවලට අනුබද්ධ ආයතනවල නිලධාරීන්, දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන්, පොලිස් නිලධාරීන්, රජයේ සේවකයන් සහ විගමනික ශ්‍රමික පිරිස් පවුල්වල සාමාජිකයෝ සහභාගි වූහ.

:කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය

Recent Posts

Sri Lankan Educator Bernadine Jayasinghe Honoured with Inspirational Educator Award at the House of Lords, UK Parliament

London, United Kingdom Sri Lankan educator, keynote speaker, and Presidential and State Award recipient Ms.…

2 hours ago

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ හවුස් ඔෆ් ලෝඩ්ස්හිදී බර්නඩින් ජයසිංහට “Inspirational Educator Award” සම්මානය පිරිනමයි

අධ්‍යාපනය, නායකත්වය සහ නිපුණතා සංවර්ධනය යන ක්ෂේත්‍රයන්හි සිදු කළ විශිෂ්ට දායකත්වය වෙනුවෙන් බර්නඩින් ජයසිංහ (Ms.…

3 hours ago

ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක් රටට අවශ්‍යයි.-ජනපති

ජන ජීවිතය තුළ ක්‍රීඩාව සංස්කෘතියක් බවට පත් කිරීම සඳහා ආකල්පමය වෙනසක් ඇති කළ යුතු බවත්,…

2 days ago

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කට ඇමරිකාවෙන් නව තීරුබදු

අමෙරිකාව විසින් අද(24) සිට බලාත්මක කරනු ලබන නව ආනයන තීරුබදු පැනවීමට මුහුණ දෙන වෙළෙඳ පාර්ශ්වකරුවන්…

2 days ago

දුර ගමන් යන්න ලංගමට නවීන AC බස් 600ක් – මිලියන 14,400ක් වෙන් කරයි

file නගරාන්තර සේවා සහ දුරගමන් සේවා සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට වායුසමීකරණය කරන ලද නවතම…

4 days ago

අතිරේක කාලයේ ගෝලයෙන් ආර්ජන්ටිනාව පරදා ස්පාඤ්ඤය ලෝක කුසලානය දිනයි

නිව් ජර්සි, ජූලි 20 – 2026 FIFA ලෝක කුසලාන අවසන් මහා තරගයේදී අතිරේක කාලයේ වාර්තා…

5 days ago