Friday, April 17, 2026
Homeදේශීය"නිපා වෛරස" ව්‍යාප්තිය ගැන සෞඛ්‍ය අංශවලින් තීරණයක්. 'රා' බොන අයට නිපා දරුණු...

“නිපා වෛරස” ව්‍යාප්තිය ගැන සෞඛ්‍ය අංශවලින් තීරණයක්. ‘රා’ බොන අයට නිපා දරුණු වෙයි.

අගෝස්තු මාසයේ සිට කේරළ ප්‍රාන්තයේ පැතිර යන නිපා වෛරසය මීට පෙර බංග්ලාදේශය තුළ ද පැතිර ගිය බැවින් එය අලුත් රෝගයක් නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.

කොවිඩ් වසංගතය මෙන් නිපා ව්‍යාප්තිය ගැන ජනතාව බිය නොවිය යුතු බවත් රට වැසීම වැනි තත්ත්වයන් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුවත් කර නොමැති බවත් ඔහු සඳහන් කළා.

නිපා වෛරසයේ පැතිරීම සම්බන්ධයෙන් පැවති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් වෛද්‍යවරයා මේ බව පැවසුවා.

ඉතා සාමාන්‍ය විදිහට පියවර ගැනීම තුළ රෝගය පැතිරීම පාළනය කළ හැකි බව ඔහු පවසනවා.

මුත්‍රා මඟින්, ආහාර තුළ ආසාදිත වෛරස තැවරිම, වෛරසය වැළඳුණු රෝගීන් ඉතා ළඟින් ඇසුරු කිරීම මඟින් මෙම රෝගය බෝ විය හැකි බව ඔහු පෙන්වා දෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම රෝගය සම්බන්ධයෙන් ඉතා අවධානයෙන් පසුවන බවත් ඒ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ අවශ්‍ය තොරතුරු හුවමාරු කර ගන්නා බවත් ඔහු සඳහන් කළා.

කෙසේ වෙතෙත් වෛද්‍යවරයා ප්‍රකාශ කළේ නිපා වෛරසය හේතුවෙන් කිසිසේත් විශාල අවදානම් තත්ත්වයක් ඇතිව නැති බවයි.

මෙහිදී අදහස් දැක්වූ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ විශේෂඥ වෛද්‍ය ජානකී අභය නායක..

මේ වෛරසය වවුලන් තුළ තමයි ඇති වෙන්නේ වවුලාගේ ශ්‍රාවයන් සමඟ වෛරස එළියට එන්න පුළුවන් වවුලා පලතුරු කනවා රා මුට්ටි වලට ගිහිල්ලා රා බොනවා ඒ අවස්ථාවල දී ශ්‍රාවයන් රා මුට්ටි වලට පලතුරු වලට එකතු වෙන පුළුවන්. ආසාදිත වවුලෙක් ගෙන් ආසාදිත පලතුරක් මනුස්සයෙක් අනුභව කළොත් මනුෂ්‍යයාට ඇති වෙන්න පුළුවන්. ඌරන්ගෙන් වෛරසය එළියට එන්න පුළුවන්.

ෆිට් එක එන්න පුළුවන් හුස්ම ගැනීමේ අපහසුතාව එන්න පුළුවන් මනුස්සයෙකුට මේ වෛරස ඇතුළු වුනොත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබා දෙන්න අවශ්‍ය වෙනවා විශේෂ ප්‍රතිකාරයක් නෑ supportive care එක දෙන්න තියෙන්නෙ එන්නත කුත් නෑ ලෝකේ.

කේරළ ඉන්දියාව වගේ රටවල් වලට යනවනම් ඒවායේ ගියාම පලතුරු වගේ දේවල් ආහාරයට ගන්නවා නම් ඒවා ඉතා සෝදලා බලලා සතෙක් දෂ්ට කරලා ද කියලා බලලා ඒවා ආහාරයට ගන්න හොඳට පලතුර සෝදලා ආහාරයට ගන්න.

READ:   කොළොන්නාව සංවර්ධනයට අගමැති උපදෙස්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්