Wednesday, July 29, 2026
Homeක්‍රීඩාකුසලානයක බලාපොරොත්තු ඇති කරමින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අවසන් පූර්ව වටයට

කුසලානයක බලාපොරොත්තු ඇති කරමින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අවසන් පූර්ව වටයට

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබා ගත්තා.

ඒ තායිලන්තය සමඟින් පැවති තරගය ශ්‍රී ලංකාව කඩුලු 08කින් ජය ගනිමින්.

වාර්ෂාව හේතුවෙන් තරගය පන්දුවාර 15කට සීමා වුණා.

පළමුව පන්දුවට පහරදුන් තායිලන්ත කණ්ඩායම පන්දුවාර 15 තුළ කඩුලු 07ක් දැවී ලකුණු 78ක් රැස් කළා.

අගනා පන්දු යැවීමක නිරත වූ ඉනෝෂි ප්‍රියදර්ශනී ලකුණු 10කට කඩුලු 04ක් බිඳ දැමුවා.

ජයග්‍රාහණය සඳහා ලකුණු 79ක ඉලක්කයක් හබා ගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 10යි පන්දු 2ක් තුළ එම ඉලක්කය පසුකර ගියා.

ඒ කඩුලු 02ක් පමණක් දැවී සිටියදී.

අනුෂ්කා සංජීවනී ලකුණු 32(23) යි.

චමරි අතපත්තු ලකුණු 27(21) ක් රැස් කළා.

READ:   රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් මාධ්‍ය නිවේදනයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්