Friday, September 11, 2026
Homeදේශීය"800" ලොව පුරා ප්‍රදර්ශනය අරඹයි. "සිංහල මිනිස්සු මට ආදරෙයි.මාව තාත්තෙක් වගේ බලාගත්තේ එයා." - මුරලී...

“800” ලොව පුරා ප්‍රදර්ශනය අරඹයි. “සිංහල මිනිස්සු මට ආදරෙයි.මාව තාත්තෙක් වගේ බලාගත්තේ එයා.” – මුරලී (වීඩියෝ)

ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව සිනමාවට නගමින් ඉන්දියාවේදී නිර්මාණය වූ “800” චිත්‍රපටය ඔක්තොම්බර් 6 වනදා ලොව පුරා තිරගත වීමට නියමිතයි.

මේ සම්බන්ධයෙන් දැනුවත් කෙරෙන මාධ්‍ය හමුවක් කොළඹ දී පැවැත්වුණා.

මෙම අවස්ථාවට මුත්තයියා මුරලිදරන් සමඟ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අර්ජුන රණතුංග, අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඇතුළු පිරිසක් එක්ව සිටියා.

තමන් පිළිබඳ සැකසූ මෙම චිත්‍රපටය ගැන සතුටු වන බවත්.. අර්ජුන රණතුංග පියෙකු මෙන් තමන්ව සැමවිටම රැක ගත් බවත් මුත්තයියා මුරලිදරන් මෙහිදී පැවසුවා.

ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ නළු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය දක්වන “800” චිත්‍රපටය සිංහලෙන් කඬකවා ප්‍රචාරය කිරීමට නියමිතයි.

සිංහල ජනතාව වෙනුවෙන් චිත්‍රපටය සිංහලෙන් බැලීමට අවස්ථාව ලබා දීම ගැන මුරලී සිය ස්තූතිය පුද කර සිටියා.

වැඩිදුර විස්තර සහිත විඩියෝව,

READ:   නාගනන්දගේ නීතිඥ වෘත්තිය තහනම් කිරීමට නියෝග
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්