Wednesday, July 22, 2026
Homeදේශීයචීනයට ප්‍රබල සුළි කුණාටුවක්

චීනයට ප්‍රබල සුළි කුණාටුවක්

චීනයට ප්‍රබල සුළි කුණාටුවක් ඇතුළු වී තිබෙනවා.

පැයට කිලෝමීටර් 140ක පමණ වේගයකින් මෙම සුළි කුණාටුව දකුණු දිග චීනයේ ග්වන්ඩොන් පළාතට කඩා වැද ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

මේ හේතුවෙන් එම පළාතේ ගුවන් හා දුම්රිය ගමන් අවලංගු කර ඇති බව වාර්තා වෙනවා.

පුද්ගලයින් 230,000ක් පමණ ආරක්ෂිතව ඉවත් කර ගැනීමට සමත්ව තිබේ.

මෙම සුළි කුණාටුව අද උදෑසන වන විට ක්‍රමයෙන් අඩුවී වියට්නාමය දෙසට ගමන් කරනු ඇති බව චීන කාලගුණ විද්‍යා අංශය නිවේදනය කර ඇත.

වියට්නාමයේ පළාත් කිහිපයක 30,000ක පමණ පිරිසක් ආරක්ෂිතව ඉවත් කර ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

READ:   ගොවීන් සඳහා නොමිලේ ඩීසල්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්