Sunday, September 13, 2026
Homeදේශීයසෞඛ්‍ය අද විරෝධතාවයේ

සෞඛ්‍ය අද විරෝධතාවයේ

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටලුවලට විසඳුම් ඉල්ලා සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් අද (23) විරෝධතාවයේ නිරත වෙනවා.

අද දහවල් සෞඛ්‍ය ආයතන ඉදිරිපිට දී විරෝධතාවයේ නිරත වන බවයි ඔවුන් පැවසුවේ.

දැඩි ඖෂධ හිඟය, සෞඛ්‍යට අත්‍යවශ්‍ය මුදල් රජය විසින් ලබා නොදීම වැනි ගැටලු රාශියක් නිසා සෞඛ්‍ය සේවය විශාල බිඳවැටීමකට ලක්ව ඇති බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

මේ වන විට අත්‍යවශ්‍ය ඖෂධ 50%ක පමණ ප්‍රමාණයක් රෝහල් තුළ නොමැති බවයි එම සංගමයේ වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා පැවසුවේ.

මේ අතර සෞඛ්‍ය සේවා ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව සහ ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය අද ජාතික සෞඛ්‍ය විරෝධතා දිනය ලෙස නම් කර තිබෙනවා.

READ:   පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායම පිටියට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්