Tuesday, July 28, 2026
Homeදේශීයසියලු ජන කොටස්වලට ප්‍රතිලාභ සැලසෙන තිරසාර වර්ධනයක් කරා රට මෙහෙයවනවා - ජනපති...

සියලු ජන කොටස්වලට ප්‍රතිලාභ සැලසෙන තිරසාර වර්ධනයක් කරා රට මෙහෙයවනවා – ජනපති එක්සත් ජාතීන්ගේ 78 වන සැසිය අමතමින් කියයි.

වත්මන් මෙන්ම අනාගත පරම්පරාවන්ට ද සාමයෙන් හා සංහිදියාවෙන් යුත් සෞභාග්‍යයමත් අනාගතයක් සහතික කරමින්, රටේ සියලු ජන කොටස්වලට ප්‍රතිලාභ සැලසෙන තිරසර සහ ස්ථාවර වර්ධනයක් කරා රට මෙහෙයවීම තම අභිප්‍රාය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (21) නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී ආරම්භ කෙරුණු එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිය අමතමින්.

file

මෙම ඉලක්කය කරා ළඟා වීමට, ශ්‍රී ලාංකීය ජනතාවගේ සේම ජාත්‍යන්තර ප්‍රජාවගේ ද විශ්වාසය සහ සහාය තමාට හිමිවනු ඇතැයි අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

මෙරට වේලාවෙන් ඊයේ රාත්‍රී 10ට පමණ ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය ඇමතුවා.

file
READ:   රේගුවටත් ජනාධිපති පරීක්ෂණ කොමිසමක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්