දේශීය

සුරා සැල් එපා…මතුගම දී හෙට විරෝධතාවක්

මතුගම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය සදහා මත්පැන් බලපත්‍ර 8 ක් ලැබී ඇති අතර,ඊට ප්‍රදේශයේ මහා සංඝරත්නය ඇතුලු ජනතාව දැඩි විරෝධතාවක් පල කරනවා.

එලෙස ලැබී ඇති සුරා සැල් බලපත්‍ර අතුරින් , 2 ක්, මතුගම ලෙව්වන්දුව සහ සිරිකදුර ග්‍රාමයේ ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බව මතුගම ශාසනාරක්ෂක බලමණ්ඩලය පෙන්වා දෙනවා.

එහි ලේඛකාධිකාරී පූජ්‍ය මොරගල සුමන ස්වාමීන්වහන්සේ පෙන්වා දෙන්නේ ,මෙම සුරාසැල් පිහිටුවීම වහාම නතර කල යුතු බවයි.

මේ වනවිටත් පූජ්‍ය පක්ෂය ප්‍රමුඛ, විවිධ ග්‍රාමීය සංවිධාන රැසක් සිය විරෝධතා මතුගම ප්‍රාදේශීය ලේකම්වරයා වෙත බාරදී අවසන්.

මතුගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ හිටපු ලේකම් ශ්‍රී සුනන්දාරාමයේ විහාරාධිපති පූජ්‍ය ඕවිටිගල සුමන සුවාමීන් වහන්නේ පෙන්වා දෙන්නේ,මෙලෙස සුරාසැල් විවෘත වුවහොත් ප්‍රදේශයේ සාමය හා සංහිදියාවටද දැඩි බලපෑම් එල්ල වන බවයි.

මේ අනුව මීට විරෝධය පල කරමින් ජුනි 16 වනදා මතුගම නගර මධ්‍යයේ ඔරලෝසු කණුව ඉදිරිපිටදී , මහා සංඝරත්නය ප්‍රධානව, දහම් පාසල් ආචාර්යවරුන් හා සිවිල් සංවිධාන හා ජනතාව එක්ව විරෝධතා පාගමනක් හා සාමකාමී විරෝධතාවක් සංවිධානය කර තිබෙනවා.

මතුගම බල ප්‍රදේශයේ මත්පැන් අලෙවිසල් පවත්වාගෙන යාමට නොහැකි වන ආකාරයෙන් අතීතයේ පාර්ලිමේන්තුවේදී සම්මත කරගත් යෝජනා සම්මතයක්ද පවතින බවයි පැවසෙන්නේ.

Recent Posts

මහාචාර්ය තිස්ස විතාරන අභාවප්‍රාප්ත වෙයි

ලේඛකයෙකු, විචාරකයෙකු, ශාස්ත්‍රීය පර්යේෂකයෙකු මෙන්ම කෘතහස්ත ජ්‍යෙෂ්ඨ දේශපාලක්ඥයකු වන මහාචාර්ය තිස්ස විතාරණ අභාවප්‍රාප්ත වී තිබෙනවා…

3 weeks ago

ඇත්තට රූපසිංහ මාස්ටර් හෙවත් එව්. ඩබ්ලියු. රූපසිංහට මොකද වුණේ?

රූපසිංහ මාස්ටර් හෙවත් එව්. ඩබ්ලියු. රූපසිංහ, ක්‍රි.ව. 1896 නොවැම්බර් 24 වැනි දා මාතර නගරාසන්නයේ සහ…

2 months ago

අයිතිවාසිකම් සඳහා පොංගල්: මලයියාහ ප්‍රජාව ඉඩම්, නිවාස සහ ගෞරවය ඉල්ලා සිටී

අයිතිවාසිකම් සඳහා පොංගල්: මලයියාහ ප්‍රජාව ඉඩම්, නිවාස සහ ගෞරවය ඉල්ලා සිටීකොළඹ, 2026 ජනවාරි 15 සුභ…

2 months ago

BREAKING ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඉක්බාල් අතාස් දිවි සැරිය නිම කරයි

ජාත්‍යන්තර කීර්තියට පත් මෙරට සිටින විශිෂ්ටතම ජනමාධ්‍යවේදියකු වූ ඉක්බාල් අතාස් මහතා අද අලුයම අභාවප්‍රාප්ත වී…

2 months ago

කටුනායක ගුවන්තොටේ මත්ද්‍රව්‍ය වැටලීම මෙතෙක් විශාලතම මත්ද්‍රව්‍ය වැටලීම ලෙස වාර්තා අතරට..

ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් කුෂ් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 50ක් රට…

2 months ago

අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනයක්: වැස්ස යළිත් වැඩිවෙයි – අද මි.මී 100ක තද වැස්සක්

දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පැවති පහල වායුගෝලීය කැළඹිලි ස්වභාවය අඩු පීඩන…

2 months ago