file
ඉන්දියාවට අයත් ‘Ark Prestige’නමැති නෞකාවේ කපිතාන්වරයා වශයෙන් කටයුතු කරන ඉන්දීය ජාතික රාජ්දෙව් යාදේව්ට මාසයක කාලයක් සඳහා විදෙස් ගමන් තහනමක් පැනවූ බව වාර්තා වෙනවා.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහෙස්ත්‍රාත්වරයා ඒ පිළිබඳ ආගමන විගමන පාලකවරයා දැනුවත් කිරීමටද නියම කළ බවයි කියන්නේ.
මෙම නියෝගයට හේතුව වී ඇත්තේ ‘Ark Prestige’නමැති නෞකාවෙන් මුහුදට තෙල් කාන්දුවීම බව පැවසෙනවා.
කොළඹ වරාය පොලිසිය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව අදාළ විදෙස් ගමන් තහනම පැනවු මහේස්ත්‍රාත්වරයා ඒ පිළිබඳ ‘Ark Prestige’නෞකාවේ කපිතාන් රාජ්දෙව් යාදේව් නමැත්තා දැනුවත් කිරීමටද පොලිසියට නියම කර තිබෙනවා.
සිද්ධියට අදාළව කරන ලද විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ කොළඹ වරාය පොලිසියේ නිලධාරීන් කොළඹ වරායේ නැංගුරම්ලා ඇති ඉන්දිය නෞකාවෙන් හයිඩ්‍රොලික් තෙල් කාන්දු වීමක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කළේ යැයි දැනුම් දුන්නා.
මේ සම්බන්ධයෙන් ආරම්භ කළ විමර්ශන මේ වෙන විටත් සිදුකරගෙන යන හෙයින් නෞකාවේ කපිතාන්වරයා විදේශගතවීම් වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඔවුන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඉදිරිපත් වු කරුණු පිළිගනිමින් අදාළ නියෝගය නිකුත් කළ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළව කරන විමර්ශන වල ප්‍රගතිය අධිකරණයට වාර්තා කිරීමට පොලිසියට නියම කළා.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…