දේශීය

මෙන්න රුසියාවට ගිය ලංකාවේ සෙබලුන්ට වෙන දේ – ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න

රුසියානු – යුක්ක්‍රේන යුද්ධය සඳහා මෙරට විශ්‍රාමික සෙබළුන් රැගෙන ගොස් ඇති මිනිස් ජාවාරම සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා අදහස් දක්වා සිටිනවා.

ජාවාරමට හසුව රුසියානු – යුක්ක්‍රේන යුද්ධයට මැදි වූ මෙරට විශ්‍රාමික සෙබළුන් පිරිසක් මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බවට වාර්තා වන බවයි ඔහු පැවසුවේ.

මෙරට විශ්‍රාමික රණවිරුවන් රවටා කුලී හේවායන් ලෙස රුසියානු යුක්‍රේන යුද පෙරමුණට යැවීමට ජාවාරම් කරුවන් කටයුතු කර ඇති බවයි ආරක්ෂක ලේකම්වරයා පෙන්වා දෙන්නේ.

සියගණනක් වූ මෙරට විශ්‍රාමික රණවිරුවන් මේ සඳහා පිටත්ව ගොස් ඇතිබවත් මේ වන විට ඔවුන්ගේ ජීවිත තර්ජනයට ලක්ව ඇති බවත් ඔහු ප්‍රකාශ කළා.

රට වෙනුවෙන් සේවය කළ 30 වසරක යුද්ධයට කැපවූ විශ්‍රාම ලත් මෙරට රණවිරුවන්ට මෙවැනි තත්ත්වයකට මුහුණ දීමට සිදුවීම කනගාටුදායක බව ඒ මහතා පැවසුවා.

මෙම ජාවාරමට සම්බන්ධ පාර්ශව සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය විදිහටත් රජය විදිහටත් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ඔහු අවධාරණය කර සිටියා.

රුසියානු – යුක්ක්‍රේන යුද්ධයට මැදි වූ මෙරට රණවිරුවන් සහ එහිදී මියගිය මෙරට රණවිරුවන් සම්බන්ධයෙන් තමන් රුසියානු තානාපතිවරයා හමුවී ඉල්ලීම් කිහිපයක් සිදු කළ බව ආරක්ෂක ලේකම්වරයා පැවසුවා.

වැඩිදුර විස්තර සහිත විඩියෝව පහතින්,

Recent Posts

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

17 hours ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

17 hours ago

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

6 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

6 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

1 week ago