දේශීය

මෙන්න රුසියාවට ගිය ලංකාවේ සෙබලුන්ට වෙන දේ – ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න

රුසියානු – යුක්ක්‍රේන යුද්ධය සඳහා මෙරට විශ්‍රාමික සෙබළුන් රැගෙන ගොස් ඇති මිනිස් ජාවාරම සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා අදහස් දක්වා සිටිනවා.

ජාවාරමට හසුව රුසියානු – යුක්ක්‍රේන යුද්ධයට මැදි වූ මෙරට විශ්‍රාමික සෙබළුන් පිරිසක් මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බවට වාර්තා වන බවයි ඔහු පැවසුවේ.

මෙරට විශ්‍රාමික රණවිරුවන් රවටා කුලී හේවායන් ලෙස රුසියානු යුක්‍රේන යුද පෙරමුණට යැවීමට ජාවාරම් කරුවන් කටයුතු කර ඇති බවයි ආරක්ෂක ලේකම්වරයා පෙන්වා දෙන්නේ.

සියගණනක් වූ මෙරට විශ්‍රාමික රණවිරුවන් මේ සඳහා පිටත්ව ගොස් ඇතිබවත් මේ වන විට ඔවුන්ගේ ජීවිත තර්ජනයට ලක්ව ඇති බවත් ඔහු ප්‍රකාශ කළා.

රට වෙනුවෙන් සේවය කළ 30 වසරක යුද්ධයට කැපවූ විශ්‍රාම ලත් මෙරට රණවිරුවන්ට මෙවැනි තත්ත්වයකට මුහුණ දීමට සිදුවීම කනගාටුදායක බව ඒ මහතා පැවසුවා.

මෙම ජාවාරමට සම්බන්ධ පාර්ශව සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය විදිහටත් රජය විදිහටත් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ඔහු අවධාරණය කර සිටියා.

රුසියානු – යුක්ක්‍රේන යුද්ධයට මැදි වූ මෙරට රණවිරුවන් සහ එහිදී මියගිය මෙරට රණවිරුවන් සම්බන්ධයෙන් තමන් රුසියානු තානාපතිවරයා හමුවී ඉල්ලීම් කිහිපයක් සිදු කළ බව ආරක්ෂක ලේකම්වරයා පැවසුවා.

වැඩිදුර විස්තර සහිත විඩියෝව පහතින්,

Recent Posts

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

4 hours ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

4 hours ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

17 hours ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

17 hours ago

දේශගුණික විපර්යාස සහ ප්‍රධාන සෞඛ්‍ය අභියෝග 04 ක් ජය ගැනීමට කලාපීය සහයෝගීතාවයේ අවශ්‍යතාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…

17 hours ago

SAWM-SL ඩිජිටල් සමානාත්මතා AI පුහුණු වැඩමුළු සඳහා අයදුම්පත් දැන් විවෘතයි

COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…

4 days ago