Friday, September 11, 2026
Homeදේශීයපාර්ලිමේන්තුව අසළ කාන්තාවන්ට එල්ල වූ ප්‍රහාරය ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා දුරදිග යයි.

පාර්ලිමේන්තුව අසළ කාන්තාවන්ට එල්ල වූ ප්‍රහාරය ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා දුරදිග යයි.

පසුගියදා පාර්ලිමේන්තුව අසළ දී පැවති උද්ඝෝෂණයක් අතරතුර කාන්තාවන්ට අධි බලැති ජල ප්‍රහාරයක් එල්ලවීම සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් කඩවීමේ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ බව සමන්මලී ගුණසිංහ මහත්මිය පවසනවා.

රටේ කන්න නැති දරුවන්ට වෙන් කළ මුදල් ආණ්ඩුව විසින් කප්පාදු කිරීමට එරෙහිව මෙරටෙහි සමස්ත දරුවන් හා කාන්තාවන් වෙනුවෙන් එදා පාර්ලිමේන්තුව අසලට ගිය බව ඒ මහත්මිය පෙන්වා දෙනවා.

සාමකාමීව පැවති එම විරෝධතාවය නිමා වී විසර යෑමට ද කිවූ පසු කාන්තාවන්ට අධි බලැති ජල ප්‍රහාරයක් එල්ල කළ බව ගුණසිංහ මහත්මිය අවධාරණය කර සිටිනවා.

එහිදී මෙරටෙහි කාන්තාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ සහ කතා කිරීමේ මුලික මිනිස් අයිතිවාසිකම් කඩවී ඇති බව ඇය වැඩිදුරටත් සඳහන් කළා.

READ:   විදුලි බිල 20%කින් අඩුවෙන ලකුණු
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්