දේශීය

මැයි දිනේ කුණු අදින්න කම්කරුවන් 1000ක්

කම්කරු දිනය යෙදී ඇති අද (මැයි 1) කොළඹ නගරය සුද්ධ පවිත්‍ර කිරීමට 1000ක කම්කරු කණ්ඩායමක් යොදවන බව කොළඹ මහනගර සභාවේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂිකා ඉන්ජිනේරු ශහිනා එම්. මයිශාන් ‘මව්බිම’ට පැවසීය.

වෙනත් දිනවලදී කොළඹ නගරය සුද්ධ පවිත්‍ර කිරීමට යොදන 700ක් පමණ වූ සේවක කණ්ඩායමට අතිරික්තව තවත් 300ක පිරිසක් මෙසේ සේවයට යොදා ඇතැයි මයිශාන් මහත්මිය කීවා ය.

දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිති සංවිධානය කරන මැයි රැලි හා පෙළපාළි මඟින් කොළඹ නගරයට අද දිනයේ එකතු වන අපද්‍රව්‍ය කඩිනමින් ඉවත් කිරීම මෙම කණ්ඩායමේ මූලික අරමුණ යැයි ඇය පැවසුවා ය.

1000කට අධික මෙම කම්කරු බළඇණිය අද පැය 24 පුරා දිවා රෑ නොබලා සේවයෙහි නිරතවනු ඇතැයි ද මයිශාන් මහත්මිය සඳහන් කළා ය.

ඒ අනුව කම්කරු දිනයෙන් පසුව මැයි 2 වන දා කොළඹ නගරයට සේවා සපයා ගැනීම ඇතුළුව රාජකාරියට පැමිණෙන සාමාන්‍ය ජනතාවට පිරිසුදු නගරයක් දැකගැනීම සැලැස්වීමට කොළඹ මහනගර සභාව සිය උපරිමයෙන් මැදිහත් වන්නේ යැයි ඉන්ජිනේරු ශහිනා මයිශාන් මහත්මිය වැඩිදුරටත් සඳහන් කළා ය.

:මව්බිම (රවිශාන් ප්‍රනාන්දු)

Recent Posts

මහාචාර්ය තිස්ස විතාරන අභාවප්‍රාප්ත වෙයි

ලේඛකයෙකු, විචාරකයෙකු, ශාස්ත්‍රීය පර්යේෂකයෙකු මෙන්ම කෘතහස්ත ජ්‍යෙෂ්ඨ දේශපාලක්ඥයකු වන මහාචාර්ය තිස්ස විතාරණ අභාවප්‍රාප්ත වී තිබෙනවා…

4 days ago

ඇත්තට රූපසිංහ මාස්ටර් හෙවත් එව්. ඩබ්ලියු. රූපසිංහට මොකද වුණේ?

රූපසිංහ මාස්ටර් හෙවත් එව්. ඩබ්ලියු. රූපසිංහ, ක්‍රි.ව. 1896 නොවැම්බර් 24 වැනි දා මාතර නගරාසන්නයේ සහ…

4 weeks ago

අයිතිවාසිකම් සඳහා පොංගල්: මලයියාහ ප්‍රජාව ඉඩම්, නිවාස සහ ගෞරවය ඉල්ලා සිටී

අයිතිවාසිකම් සඳහා පොංගල්: මලයියාහ ප්‍රජාව ඉඩම්, නිවාස සහ ගෞරවය ඉල්ලා සිටීකොළඹ, 2026 ජනවාරි 15 සුභ…

1 month ago

BREAKING ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඉක්බාල් අතාස් දිවි සැරිය නිම කරයි

ජාත්‍යන්තර කීර්තියට පත් මෙරට සිටින විශිෂ්ටතම ජනමාධ්‍යවේදියකු වූ ඉක්බාල් අතාස් මහතා අද අලුයම අභාවප්‍රාප්ත වී…

1 month ago

කටුනායක ගුවන්තොටේ මත්ද්‍රව්‍ය වැටලීම මෙතෙක් විශාලතම මත්ද්‍රව්‍ය වැටලීම ලෙස වාර්තා අතරට..

ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් කුෂ් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 50ක් රට…

1 month ago

අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනයක්: වැස්ස යළිත් වැඩිවෙයි – අද මි.මී 100ක තද වැස්සක්

දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පැවති පහල වායුගෝලීය කැළඹිලි ස්වභාවය අඩු පීඩන…

1 month ago