දේශීය

කලක ඉදන් දේශපාලනය කළාට රනිල් වික්‍රමසිංහ ට වැඩක් කරන්න බලයක් ලැබුනේ මේ පාර

හැමදාමත් සහනාධාර බෙදීම බෙදන්නේ නැතිව රට සංවර්ධනය කරලා , ඔබේ පවුලේ ආර්ථිකය නගාසිටවලා ඔබ ශක්තිමත් මිනිසෙක් කරන එකයි ජනාධිපතිතුමාගේ සැලැස්ම

ජනාධිපති රනිල් වික්‍රමසිංහ දීර්ඝ කාලයක් දේශපාලනයේ යෙදුනමුත් ඔහු ශ්‍රීලංකාවේ ජනාධිපති ධූරයට පත් පළමු අවස්ථාව මෙය බවත්, ඊට පෙර ජනාධිපතිවරයා ලෙස වැඩ කිරීමට ඔහුට බලයක් නොතිබුන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායකකාර පැවසීය.

ජනධිපතිතුමාගේ බලාපොරොත්තුව මේ විදියට හැමදාමත් සහනාධාර බෙදීම නොවන බවද රට සංවර්ධනය කරලා , ඔබේ පවුලේ ආර්ථිකය නගාසිටවලා ඔබ ශක්තිමත් මිනිසෙක් කිරීම එතුමාගේ සැලසුම බවද අමාත්‍යවරයා කීය.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ මන්නාරමෙදී අද පැවැති අඩු ආදායම්ලාභීන්ට සහල් බෙදාදීමේ අවස්ථාවට සහභාගී වෙමිනි. රැස්ව සිටි පිරිස ඇමතූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

”සමහරු අහනවා ජනාධිපති තුමා මේතරම් කාලයක් හිටියානේ කියා, ඒත් අමතක කරන්න එපා එතුමා ජනාධිපති උනේ මේපාර කියන එක . ජාතික ගීය දෙමළෙන් ගයන්න 2015 තීන්දුකරලා, හැමෝටම එක විදියට හිතන්න පූලුවන් ක්‍රමයක් හදලා, හැමෝගේම අතේ මුදල් ගැවසෙන ක්‍රමයක් හදලා, රට සංවර්ධනය කරන්න එතුමාට සැළස්සුමක් තියනවා,.

රනිල් වික්‍රමසිංහ ජනධිපතිතුමා කාලෙකට ඉස්සර කීවා හැමෝටම බ්‍රේස්ලට් දානන් පුලුවන් තත්ත්වයක හදනවා කියලා. බ්‍රේස්ලට් කියන්නේ අමතර සල්ලිවලින් ගන්න දෙයක්. එදා ඒකට ගොඩක් අය හිනා වුනා. ඒක ඒ අයට තෙරුනේ නෑ. මෙහෙනම් අපි දන්නවා දමිළ සහෝදරියන් හැමෝම තැල්ලක් බඳිනවා. හැබැයි ඒකට රත්තරන් ටිකක් හොයාගන්න ලේසි නෑ. එහෙම නෙවෙයි, ඕන කෙනෙකුට රත්තරන් ටිකක් පහසුවෙන් අරගන්න පුළුවන් ආර්ථිකයක් හදන්නයි එතුමාට ඕන කරලා තියෙන්නේ. හැමකෙනෙකුගෙම ආර්ථිකය හදන්න. කාන්තාවන්ගෙ ආර්ථිකය හදන්න කාන්තාවන්ට සමානාත්න්මතාවයෙන් ආරක්ෂාව සහිතව ජීවත්වෙන්න , වැඩ කරන්න පුළුවන් රටක් හදන්න එතුමාට සැළසුමක් තියනවා.

එතුමා එදා කීව දේ ගොඩක් අයට තේරුනේ නැ. හැබැයි අනාගතයේදී තේරෙයි. අමාරුවක් නැතුව දකුණේ තරුණයාට බ්‍රෙස්ලට් එකක් ගන්නයි, උතුරේ තරුණියට තැල්ලක් ගන්නයි පුළුවන් යුගය තමයි අපි මේ නිර්මානය කරන්නේ..”

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අදහසකට අනුව රටේ අඩු ආදායම් ලාභීන්ට සහල් බෙදාදීමේ කටයුත්ත මේ දිනවල රට පුරාම පැවැත්වෙනවා. ඒත් ජනධිපතිතුමාගේ බලාපොරොත්තුව මේ විදියට හැමදාමත් සහනාධාර බෙදීම නොවේ. රට සංවර්ධනය කරලා , ඔබේ පවුලේ ආර්ථිකය නගාසිටවලා ඔබ ශක්තිමත් මිනිසෙක් කරන එකයි එතුමාගෙ සැලැස්ම. එතකොට ඔබට ආණ්ඩුවේ ආධාර ඕන නෑ. ඒත් බයක් හිතන්න එපා. ගොඩක් ආර්ථික ගැටළු සහ ප්‍රශ්න තියන උදවිය දිගටම බලාගන්න සැලැස්මක් එතුමාගේ තියනවා. ඒකට හොඳ සමාජ ආරක්ෂණයක් ඕන කරනවා. ඒක හදන එක අපේ එක බලාපො‍රොත්තුවක්.

මම ඊයේ කිව මන්නාරම කියන්නේ පෝර්ට් සිටි එකක් කියලා. මන්නාරම පෝර්ට් සිටි එකක් විදියට දියුණු කරන්න ජනාධිපතිතුමාගේ අදහසක් තියනවා. ඒක හින්දා තමයි ඉන්දියාවත් එක්ක එකතුවෙලා අර නතර වෙලා තිබුන ෆෙරී සර්විස් එක නැවත් ආරම්භ කරන්න කටයුතු කළේ. මන්නාරම වරාය මිනිසුන්ට ‍යන්න එන්න විතරක් නොවේ. භාණ්ඩ හුවමාරුවටත් යොදාගන්න සැලැස්මක් තියනවා. ඉස්සර තිබුන රේගුව ඇතිකරලා මන්නාරන්ම නැවත පොර්ට් සිටි එකක් කරන්න එතුමා සැලසුම් කරලා තියනවා.

අද උදයේම අපි බෝට්ටුවෙ ගියා අර රාමා පාලමේ වැලිපර බලන්න. මේ පළාතේ සංචාරක කර්මාන්තය දියුණු කරලා, පළාතේ ජනතාවගේ ආදායම වැඩිකරන්න මේවා යොදාගන්න ජනාධිපති තුමාගේ සැලැස්මක් තියනවා.

අපි දන්නවා අවුරුදු 30 ක යුද්ධය නිසා ඔබ තුමන්ලා ගොඩාක් දුක් වින්දා, ජනාධිපති තුමා උතුර දකුණ කියා බේදයක් නැතිව සංවර්ධනය රටේ හැම පළාතකටම සංවර්ධනය බෙදන්න කටයුතු කරමින් ඉන්නවා. හැමදේම කරන්න ඉස්සර රටේ සාමය ඇතිකරන්න ඕන කියා එතුමා කළින්ම දැක්කා. සංහිඳියාව ඇතිකරලා රට සංවර්ධනය කරන්නා එතුමා දන්නව.

:කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය

Recent Posts

SAWM-SL ඩිජිටල් සමානාත්මතා AI පුහුණු වැඩමුළු සඳහා අයදුම්පත් දැන් විවෘතයි

COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…

3 days ago

LTTE සංවිධානය විසින් ඝාතනය කළ යාපනය සරසවියේ ආචාර්ය රාජිනී තිරාණගමගේ දියණිය — අද Stanford සරසවියේ ප්‍රකට මානව විද්‍යාඥවරියක්

Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…

3 days ago

නව චීන තානාපති සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්

ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…

5 days ago

නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන කටයුතුවල විෂමතා අක්‍රමිකතා රැසක් පවතිනවා – විපක්ෂ නායක

නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන වැඩකටයුතු ගැන විෂමතා අඩුපාඩු ගණනාවක් ඇති බවට එහි සේවය…

5 days ago

BREAKING

22 වැනි සංශෝධනයට එරෙහි පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

7 days ago

තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ ජාතික ව්‍යාපෘතිය හෙට ඇරඹේ

චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…

7 days ago