Thursday, July 23, 2026
Homeදේශීයමණ්ඩතිවු දූපතත් ඉන්දියාවේ පර්යේෂණ මධ්‍යස්ථානයකට

මණ්ඩතිවු දූපතත් ඉන්දියාවේ පර්යේෂණ මධ්‍යස්ථානයකට

යාපනය දිස්ත්‍රික්කයේ දූපත් ප්‍රදේශවල ඉන්දීය සමාගම් විසින් සිදු කිරීමට නියමිත ව්‍යපෘති කඩිනමින් ආරම්භ කළ බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පවසනවා.

ඉන්දීය රජයේ ආධාර මත සිදු කෙරෙන විදුලි ව්‍යාපෘති කටයුතු මේ වන විට ඉන්දියාවේ පවැත්වෙන ඡන්දය නිසා පරක්කු කළ නොහැකි බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

මේ අතර ඉන්දීය ආයෝජනයෙන් මණ්ඩතිවු දූපතේ සමූද්‍ර සම්පත් පරීක්ෂණ මධ්‍යස්ථානයක් ආරම්භ කරන බව අමාත්‍යවරයා පැවසුවා.

ඉන්දියානු කෘෂිකාර්මික පර්යේෂණ කවුන්සිලයේ ආයෝජනයකට අනුව මණ්ඩතිවු දූපතේ අක්කර 10ක් ඉල්ලා ලිපියක් එවා ඇති බව ඩග්ලස් දේවානන්ද මහතා ප්‍රකාශ කළා.

ඊයේ (19) යාපනයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවා

READ:   දෙවියන්ගේ ආශීර්වාදය සොයා ඉන්දීය අගමැති මුහුද යට ට (වීඩියෝ)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්