Sunday, April 19, 2026
Homeදේශීයසර්වෝදය නිර්මාතෘ ආචාර්ය ඒ.ටී. ආරියරත්නගේ අවසන් කටයුතු අද

සර්වෝදය නිර්මාතෘ ආචාර්ය ඒ.ටී. ආරියරත්නගේ අවසන් කටයුතු අද

සර්වෝදය නිර්මාතෘ අභාවප්‍රාප්ත ආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (20) පස්වරුවේ රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමට නියමිතයි.

ඒ නිදහස් චතුරස්‍රයේ දී.

ආගමික නායකයින්, දේශපාලන නායකයින්, විද්වතුන් ඇතුළු විශාල පිරිසක් ඒ මහතාට අවසන් ගෞරවය දැක්වීම සඳහා ඊයේ වන විටත් මොරටුවේ පිහිටි සර්වොදයේ මූලස්ථානය වෙත පැමිණ සිටියා.

සර්වෝදය ව්‍යාපාරය ආරම්භ කරමින් දැවන්ත සමාජ සේවයකට මුල පිරූ ආරියරත්න මහතා දෙස් විදෙස් ඇගයීම් සම්මාන රැසකින් පිදුම් ලබා තිබෙනවා.

2007 වසරේ දී ඒ මහතා සිවිල් පුද්ගලයෙකුට හිමිවන ඉහළම ජාතික සම්මානය වන ශ්‍රී ලංකා අභිමාන්‍ය සම්මානයෙන් ද පිදුම් ලැබුවා.

READ:   කජීමාවත්තේ ගිනිගැනීම ගැන කමිටු වාර්තාව අගමැතිට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්