දේශීය

වන අලි ගලෙන්බිඳුණුවැව වගා බිම් වනසයි

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිදුණුවැව ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ රිටිගල වනජීවී කලාපයට අයත් ගැටලාව , පඩිකාරමඩුව,දුටුවැව,යකල්ල , පුබුදුගම්මානය , ඉලිප්පුකන්නිය, හා ඒ අවට ඇති,මානන්කට්ටිය,දුම්බුලුයාය ඇතුළු ගම්මාන රැසකට වන අලි තර්ජනය එල්ලවීම හේතුවෙන් ගොවි ජනතාව දැඩි පිඩාවකට පත්ව තිබෙනවා.

වසර කිහිපයක සිට හුරුලුවැව් රක්ෂිත ,හබරණ රක්ෂිතය දෙසින් ගම්වදින වන අලි හේතුවෙන් ගලෙන්බිදුණුවැව ප්‍රදේශීය ලේකම් කොට්ඨාසට අයත් හල්මිල්ලවැව , මානන්කට්ටිය , ඇතුළු ග්‍රාම නිළධාරි වසම් කිහිපයක ගම්මාන අතලොස්සකට දැඩිව වන අලි තර්ජනය තිබුනද පවුල් 55000 ආසන්න වු සෙසු ග්‍රාස සේවා තුලාන් වලට වන අලි තර්ජය නොතිබු බවත් අද විට වන අලියකු නොපැමිණි ගම්මානයක් නොතිබු තරමට ගලෙන්බිදුණුවැව ප්‍රදේශිය ලේකම් කොට්ඨාශයේ ග්‍රාමසේවා වසම් 42 ක පුරාවටම වන අලින් ගේ තර්ජනය උග්‍රවී පවතින බව මෙහි ගොවි ජනතාව පවසති.

ගලෙන්බිණුවැව නගර ආසන්නයේ සිට සෙසු ප්‍රදේශයන්වලට වසර කිපයක සිට පොදු ජනතාවගේ ජනජිවිත අඩාල කරමින් කිසිදු වගවක් කර ගත නොහැකි තරමටම ජනතාව දැඩි පිඩාවකට පත්ව ඇති බව එහි ගිය අපට දක්නට ලැබීණි.

22,23 රාත්‍රී කාලයේ ගැටලාව ප්‍රදේශයට කඩා වැදුණු වන අලි රැනක් ගම්මානයේ පොල් කෙසෙල් පේර හා වෙනත් බෝග සහ මුලින්ම වීනාශ කර තිබෙනවා.

එහි ගොවි මහතා පවසා සිටියේ මිට පෙර ද අවස්ථා 02 කදී ද මෙලෙසම තම හේන වන අලි විනාශ කර දැමුබවත් රාජයේ අදාල අංශ දැනුවත් කලද ඒ සදහා කිසිදු පිළිසරණක් නොලැබුණු බවයි.

මේ අතර ගම්මානයේ පුරා පොල් කෙසෙල් අඹ ඇතුළු බෝග මෙන්න තවත් බෝග විනාශ කොට දමා තිබීබෙන අයුරු දක්නට ලැබුණි

ප්‍රදේශිය ලේකම් කොට්ඨාශයේ ග්‍රාමසේවා වසම් 42 ක පුරාවටම ජිවිත දේපල වන අලින්ගෙන් ආරක්ෂා කර ගැනීමට ගම හා රක්ෂිත ප්‍රදේශ වෙන් වෙන පරිදි විදුලි වැටක අවශය පිළිබඳ අවස්ථා ගණනාවක සිට බලධාරීන්ට ලිඛිතව හා වාචිකව දැනුවත් කලද මේ දක්වා ඉට කිසිදු විසඳුමක් නොලද බව පවසන මෙහි වෙසෙන ගොවි ජනතාව වසර ගණනාවක සිට තට්ටු මාරු ක්‍රමයට පැමිණි රජයන් වෙත චොදනා කරයි.

වසර කිහිපයකට පෙර රජ්‍ය මැදිහත්වීමෙන් ඒරැවැව සිට හුරුළුවැව මැදගල කන්ද දක්වා විදුලි වැටක් ඉදී කිරිම ආරම්භ කලද ,අලි වැට තැනීම සදහා අවශ්‍ය උපකරණ ගෙන මොරගොඩ වනජිවි කාර්යාලයේ ගොඩගසා තිබුනද, ඒය මොනයම් හො බලපෑමක් හේතුවෙන් අතර මග නවතා ඇති බව ගම්වාසින් සදහන් කරයි.

අත කන උකසට තබා රජය හා රාජය නොවන මුල්‍ය අයතන මගින් උගසට හො ණය ට මුදල් ගෙන ⁣වගාව සිදු කරන්නේ ප්‍රධාන ආදායම් මාර්ගය මෙය වීමත් වෙනත් කිසිවක් කිරිමට නොමැති කමට බව ගොවින් පෙන්වා දෙන අතර වෙළෙඳ පොල තුල කෘෂි රසායනික යහමින් නොමැති පසු බීමක් තුල අධික මුදල් යොදවමින් අව්ව වැස්ස නොතකා රැයක් දහවලක් නොමැතිව දරන වෙහෙසෙහි ප්‍රථිපල නොමැති තරමට වන අලි මෙම ජිවිත අවධානය හෙලා ඇත්තේ වනජිවි නිළධාන් ඇතුලු බලධාරීන් නිහඬව සිටිම බව එහි සංචාරය කල අපට දක්නට ලැබුනු ගම්මානයේ සෑම තැනකම පුද්ගලිකව ඇද අති විදුලි වැටවල් තහවුරු කරයි.

:ගලෙන්බිදුණුවැව චින්තක ක්‍රීෂාන්ත බාලසුරිය බාලසුරිය 0711516113

Recent Posts

තිබහ නැතත් හැකිතාක් දියර වර්ග පානය කරන්න – දැඩි උණුසුමෙන් ඇති වෙන රෝග ගැන සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

මේ දිනවල පවතින දැඩි උෂ්ණාධික කාලගුණය සමග ඇතිවිය හැකි රෝගී තත්ත්වයන් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත…

4 days ago

අගමැතිනිය පිලිපීනයේ ජාත්‍යන්තර වී පර්යේෂණ ආයතනය (IRRI) නිරීක්ෂණය කරයි

​ආසියානු සංවර්ධන බැංකුවේ නිල ආරාධනය මත පිලිපීනයේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (11)…

5 days ago

ක්ෂුද්‍ර මූල්‍ය ණය බරින් පීඩාවට පත් ප්‍රජාවන්, කාන්තා වින්දිතයින් සහ ප්‍රජා ණය කණ්ඩායම් වෙත යුක්ති සාමූහිකයේ සහාය

මාර්තු 4 වන දින පාර්ලිමේන්තුවේදී ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරී පනත් කෙටුම්පත සම්මත වීම…

1 week ago

මහාචාර්ය තිස්ස විතාරන අභාවප්‍රාප්ත වෙයි

ලේඛකයෙකු, විචාරකයෙකු, ශාස්ත්‍රීය පර්යේෂකයෙකු මෙන්ම කෘතහස්ත ජ්‍යෙෂ්ඨ දේශපාලක්ඥයකු වන මහාචාර්ය තිස්ස විතාරණ අභාවප්‍රාප්ත වී තිබෙනවා…

1 month ago

ඇත්තට රූපසිංහ මාස්ටර් හෙවත් එව්. ඩබ්ලියු. රූපසිංහට මොකද වුණේ?

රූපසිංහ මාස්ටර් හෙවත් එව්. ඩබ්ලියු. රූපසිංහ, ක්‍රි.ව. 1896 නොවැම්බර් 24 වැනි දා මාතර නගරාසන්නයේ සහ…

2 months ago

අයිතිවාසිකම් සඳහා පොංගල්: මලයියාහ ප්‍රජාව ඉඩම්, නිවාස සහ ගෞරවය ඉල්ලා සිටී

අයිතිවාසිකම් සඳහා පොංගල්: මලයියාහ ප්‍රජාව ඉඩම්, නිවාස සහ ගෞරවය ඉල්ලා සිටීකොළඹ, 2026 ජනවාරි 15 සුභ…

2 months ago