file
කැනඩාවේ ඔටාවා අගනුවර, නිවසක් තුළ ශ්‍රී ලංකිකයින් 6 දෙනෙකු ඝානයට ලක්ව තිබෙනවා.
තියුණු ආයුධයකින් කළ පහරදීමකින් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මවක් සහ ඇගේ කුඩා දරුවන් සිව්දෙනා ද ඇතුළුව 6 දෙනෙක්.
ඝානයට ලක්ව ඇති දරුවන් සියලු දෙනා වයස අවුරුදු 07ට අඩු අය වන අතර මාස දෙකක් වයසැති දරුවෙකු ද ඒ අතර වෙනවා.
සිය නිවස තුළ දී ඝාතනයට ලක්ව ඇති ඔවුන් සියලුදෙනා ශ්‍රී ලංකිකයින් වන බව එරට ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළා.
ඝාතනය සිදුකර ඇත්තේ කැනඩාවේ අධ්‍යාපනය ලබන 19 හැවිරිදි ශ්‍රී ලාංකික සිසුවෙකු විසින් බව විදෙස් මාධ්‍ය පවසනවා.
ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවයි ඔටාවා පොලිසිය සඳහන් කළේ.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් තමන් කම්පනයට පත් වන බව සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කැනඩා අග්‍රාමාත්‍යවරයා පවසනවා.
මෙම සිදුවීම සිය නගර ඉතිහාසයේ වඩාත්ම කම්පනයක් ඇති කළ ප්‍රචණ්ඩ සිදුවීම බව ඔටාවා හි නගරාධිපතිවරයා ප්‍රකාශ කළා.
අදාළ සිදුවීම කැනඩා මාධ්‍ය විසින් මුල්වරට සමූහ වෙඩි තැබීමක් ලෙස වාර්තා කළ තිබුණත් පසුව එය තියුණු ආයුධයකින් සහ පහරදීමකින් කළ ඝාතනයක් බව වාර්තා වුණා.
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…