Friday, July 17, 2026
Homeවිදේශීයකැනඩාවේදී කුඩා දරුවන් 4ක් ඇතුළු ව ලාංකිකයින් 6ක් ඝාතනය කෙරේ

කැනඩාවේදී කුඩා දරුවන් 4ක් ඇතුළු ව ලාංකිකයින් 6ක් ඝාතනය කෙරේ

කැනඩාවේ ඔටාවා අගනුවර, නිවසක් තුළ ශ්‍රී ලංකිකයින් 6 දෙනෙකු ඝානයට ලක්ව තිබෙනවා.

තියුණු ආයුධයකින් කළ පහරදීමකින් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මවක් සහ ඇගේ කුඩා දරුවන් සිව්දෙනා ද ඇතුළුව 6 දෙනෙක්.

ඝානයට ලක්ව ඇති දරුවන් සියලු දෙනා වයස අවුරුදු 07ට අඩු අය වන අතර මාස දෙකක් වයසැති දරුවෙකු ද ඒ අතර වෙනවා.

සිය නිවස තුළ දී ඝාතනයට ලක්ව ඇති ඔවුන් සියලුදෙනා ශ්‍රී ලංකිකයින් වන බව එරට ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළා.

ඝාතනය සිදුකර ඇත්තේ කැනඩාවේ අධ්‍යාපනය ලබන 19 හැවිරිදි ශ්‍රී ලාංකික සිසුවෙකු විසින් බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවයි ඔටාවා පොලිසිය සඳහන් කළේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් තමන් කම්පනයට පත් වන බව සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කැනඩා අග්‍රාමාත්‍යවරයා පවසනවා.

මෙම සිදුවීම සිය නගර ඉතිහාසයේ වඩාත්ම කම්පනයක් ඇති කළ ප්‍රචණ්ඩ සිදුවීම බව ඔටාවා හි නගරාධිපතිවරයා ප්‍රකාශ කළා.

අදාළ සිදුවීම කැනඩා මාධ්‍ය විසින් මුල්වරට සමූහ වෙඩි තැබීමක් ලෙස වාර්තා කළ තිබුණත් පසුව එය තියුණු ආයුධයකින් සහ පහරදීමකින් කළ ඝාතනයක් බව වාර්තා වුණා.

READ:   "Dumbledore" ජීවන රඟමඩලින් නික්ම යයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්