Friday, September 11, 2026
HomeවිදේශීයUPDATE: කැනඩාව සලිත කළ ඝාතකයා 19 හැවිරිදි තරුණයෙක්

UPDATE: කැනඩාව සලිත කළ ඝාතකයා 19 හැවිරිදි තරුණයෙක්

කැනඩාවේ ඔටාවා හි නිවසක් තුළ තියුණු ආයුධයකින් කළ පහරදීමකින් මවක්, ඇගේ කුඩා දරුවන් සිව් දෙනා ඇතුළුව ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

මෙම ඝාතනය සිදුකර ඇත්තේ කැනඩාවේ අධ්‍යාපනය ලබන 19 හැවිරිදි ශ්‍රී ලාංකික සිසුවෙකු විසින් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔහු අදාළ නිවසේ කලක් ජීවත්ව ඇති පුද්ගලයෙකු වන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර අදාළ සිදුවීම සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව ඔටාවා පොලිසිය මීට පෙර පවසා තිබුණා.

මෙලෙස ඝාතනයට ලක්වූ පිරිස අතර වන දරුවන් සිව් දෙනා වයස අවුරුදු 07 ට අඩු දරුවන් වන අතර මාස දෙකක් වයසැති දරුවෙකු ද ඒ අතර වෙනවා.

පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ එම පවුලේ පියා රෝහල් ගත කර තිබෙනවා.

READ:   ලංකාවේ ප්‍රථම ට්‍රක් රථය- ලංකානී
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්