දේශීය

ළමා මරණවලට හේතුවන විෂ සහිත කැස්ස සිරප් වෙළඳපොලේ.. – ලෝක සෞඛ්‍ය සංවිධානය

කැස්සට භාවිතා කරන සිරප් වර්ග සහ පැරසිටමෝල් අඩංගු සිරප් වර්ග කිහිපයක් කුඩා දරුවන්ට ලබා දීමේදී වෛද්‍ය නිර්දේශය මත පමණක් ලබා දෙන ලෙස කොළඹ ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානය දෙමාපියන්ගේන් විශේෂ ඉල්ලීමක් කරනවා.

ඩයිඑතිලීන් ග්ලයිකෝල්/ එතිලීන් ග්ලයිකෝල් නැමති විෂ රසායන ද්‍රව්‍ය අධිමාත්‍රවෙන් අඩංගුවී ඇති නිසා මාරාන්තික තත්ත්ව ඇති කරන බවයි සිරප් වර්ග කිහිපයක් සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකාව දැනුවත් කර තිබීම මීට හේතුවයි.

ඒ අනුව Alergo syrup, Emidone Suspension, Mucorid syrup, Ulcofin suspension සහ Zincell syrup ලෙස වෙළඳපොලට එන මෙම සිරප් වර්ග ඉන්දියාවේ සහ පාකිස්තානයේ නිෂ්පාදනය කරන නමුත් අදාළ නිෂ්පාදන ආයතනයන්ගෙන් එම ඖෂධ මෙරටට ආනයනය නොකරන බවට ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ද තහවුරු කර ඇති බව විෂ තොරතුරු මධ්‍යස්ථානය පවසනවා.

කෙස් වෙතත් නියාමනයකින් තොරව අවිධිමත්ව ගෙන්වන ඖෂධ ජාවාරමක් රට තුළ හෙළිව ඇති බැවින් මේ සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසුවන බව එම මධ්‍යස්ථානය සඳහන් කරනවා.

එමෙන්ම මෙම ඖෂධ විෂ වීම හේතුවෙන් පාකිස්තානය, ඉන්දියාව, මාලදිවයින සහ ලාඕසය යන රටවල මරණ වාර්තා වී ඇති බව වැඩිදුරටත් පෙන්වා දෙනවා.

Recent Posts

නව චීන තානාපති සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්

ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…

17 mins ago

නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන කටයුතුවල විෂමතා අක්‍රමිකතා රැසක් පවතිනවා – විපක්ෂ නායක

නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන වැඩකටයුතු ගැන විෂමතා අඩුපාඩු ගණනාවක් ඇති බවට එහි සේවය…

19 mins ago

BREAKING

22 වැනි සංශෝධනයට එරෙහි පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

2 days ago

තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ ජාතික ව්‍යාපෘතිය හෙට ඇරඹේ

චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…

2 days ago

2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තියට අනුව මෙරට ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

අපනයන ප්‍රමුඛ කරගත් 2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තියට අනුව මෙරට ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම පිළිබඳ…

2 days ago

හිටපු ඇමති රවී කරුණානායක අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…

3 days ago