file
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි දිය යටදී පවත්වන පුරාණ ද්වාර්කා කෝවිලේ පූජාවකට සහභාගී වී තිබෙනවා.
ක්‍රිෂ්ණ දෙවියන් වෙනුවෙන් පවත්වන එම පූජාව සඳහා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඊයේ (25) සහභාගී වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
අරාබි මුහුදේ ගුජරාට් වෙරළට ඔබ්බෙන් දිය යට පිහිටා ඇති එම කෝවිලේ පූජාවට කිමිදුම් ඇඳුමෙන් සැරසී ඉන්දීය අගමැතිවරයා සහභාගී වී තිබෙනවා.
ක්‍රිෂ්ණ දෙවියන්ට උපහාරයක් ලෙස මොනර පිහාටු රැගෙන ඔහු සහභාගී වූ එම පූජාවේ වීඩියෝ සමාජ මාධ්‍යට ද එක් කර තිබුණා.
කලකට පෙර සශ්‍රීක නගර බිමක පිහිටා තිබූ පුරාණ ද්වාර්කා කෝවිල සියවස් ගණනාවකට පෙර මුහුදට යටවී ඇති බව විශ්වාසය යි.
ක්‍රිෂ්ණ දෙවියන් වෙනුවෙන් දිය යට පැවැත් වූ එම පූජාවෙන් තමන් දිව්‍යමය අත්දැකීමක් ලැබූ බව නරේන්ද්‍ර මෝදි මහතා සිය X ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළා.
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…