Saturday, June 6, 2026
Homeවිදේශීයදෙවියන්ගේ ආශීර්වාදය සොයා ඉන්දීය අගමැති මුහුද යට ට (වීඩියෝ)

දෙවියන්ගේ ආශීර්වාදය සොයා ඉන්දීය අගමැති මුහුද යට ට (වීඩියෝ)

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි දිය යටදී පවත්වන පුරාණ ද්වාර්කා කෝවිලේ පූජාවකට සහභාගී වී තිබෙනවා.

ක්‍රිෂ්ණ දෙවියන් වෙනුවෙන් පවත්වන එම පූජාව සඳහා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඊයේ (25) සහභාගී වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

අරාබි මුහුදේ ගුජරාට් වෙරළට ඔබ්බෙන් දිය යට පිහිටා ඇති එම කෝවිලේ පූජාවට කිමිදුම් ඇඳුමෙන් සැරසී ඉන්දීය අගමැතිවරයා සහභාගී වී තිබෙනවා.

ක්‍රිෂ්ණ දෙවියන්ට උපහාරයක් ලෙස මොනර පිහාටු රැගෙන ඔහු සහභාගී වූ එම පූජාවේ වීඩියෝ සමාජ මාධ්‍යට ද එක් කර තිබුණා.

කලකට පෙර සශ්‍රීක නගර බිමක පිහිටා තිබූ පුරාණ ද්වාර්කා කෝවිල සියවස් ගණනාවකට පෙර මුහුදට යටවී ඇති බව විශ්වාසය යි.

ක්‍රිෂ්ණ දෙවියන් වෙනුවෙන් දිය යට පැවැත් වූ එම පූජාවෙන් තමන් දිව්‍යමය අත්දැකීමක් ලැබූ බව නරේන්ද්‍ර මෝදි මහතා සිය X ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළා.

READ:   ඉන්දියාවේ ගින්නෙන් මියගිය ගණන තවදුරටත් ඉහළට: කුඩා ළමුන් 9කුත් ඒ අතර
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්