දේශීය

ගෘහ සේවයට කාන්තාවන් විදේශ ගත කිරීම අත්හිටුවීමට ඇමැති මනුෂගෙන් පියවර

ශ්‍රී ලාංකික කාන්තාවන් ගෘහ සේවිකාවන් ලෙස විදේශ රැකියා සදහා පිටත් කර යැවීම සම්පූර්ණයෙන්ම නතර කිරිමට අවශ්‍ය පියවර ගැනීම සදහා වන යෝජනාවලියක් සහ සැලසුම් කඩිනමින් තමන් වෙත ලබාදෙන ලෙසට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඉහළ කළමනාකාරීත්වයට සහ බලපත්‍රලාභී විදේශ සේවා නියුක්ති නියෝජිත ආයතන සංගමයට ඊයේ (20) දැනුම් දුන්නේය.

ගෘහ සේවිකාවන් ලෙස ශ්‍රමිකයින් පිටත් කර යැවීම නතර ඉහළ වැටුප් ලබාගත හැකි පුහුණු රැකියා අවස්ථා සදහා පමණක් ශ්‍රමිකයින් යැවීමේ වැදගත්කමද අමාත්‍යවරයා අවධාරණය කළේය.

ඒ අනුව වසර දහයක් තුළදී ගෘහ සේවිකාවන් විදේශ රැකියා සදහා පිටත් කර යැවීම සම්පූර්ණයෙන්ම නතර කිරීම සදහා ක්ෂේත්‍රයට සම්බන්ධ සියලුම පාර්ශවයන් සම්බන්ධ කරගනිමින් මෙම යෝජනාවලිය තමන් වෙත ලබාදෙන ලෙසද බලපත්‍රලාභී විදේශ සේවා නියුක්ති නියෝජිත ආයතන සංගමය සමග අද පැවති සාකච්ඡාවේදී අමාත්‍යවරයා දැනුම් දුන්නේය.

: කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය

Recent Posts

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

8 hours ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

8 hours ago

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

5 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

5 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

1 week ago