Thursday, September 10, 2026
Homeදේශීයගෘහ සේවයට කාන්තාවන් විදේශ ගත කිරීම අත්හිටුවීමට ඇමැති මනුෂගෙන් පියවර

ගෘහ සේවයට කාන්තාවන් විදේශ ගත කිරීම අත්හිටුවීමට ඇමැති මනුෂගෙන් පියවර

ශ්‍රී ලාංකික කාන්තාවන් ගෘහ සේවිකාවන් ලෙස විදේශ රැකියා සදහා පිටත් කර යැවීම සම්පූර්ණයෙන්ම නතර කිරිමට අවශ්‍ය පියවර ගැනීම සදහා වන යෝජනාවලියක් සහ සැලසුම් කඩිනමින් තමන් වෙත ලබාදෙන ලෙසට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඉහළ කළමනාකාරීත්වයට සහ බලපත්‍රලාභී විදේශ සේවා නියුක්ති නියෝජිත ආයතන සංගමයට ඊයේ (20) දැනුම් දුන්නේය.

ගෘහ සේවිකාවන් ලෙස ශ්‍රමිකයින් පිටත් කර යැවීම නතර ඉහළ වැටුප් ලබාගත හැකි පුහුණු රැකියා අවස්ථා සදහා පමණක් ශ්‍රමිකයින් යැවීමේ වැදගත්කමද අමාත්‍යවරයා අවධාරණය කළේය.

ඒ අනුව වසර දහයක් තුළදී ගෘහ සේවිකාවන් විදේශ රැකියා සදහා පිටත් කර යැවීම සම්පූර්ණයෙන්ම නතර කිරීම සදහා ක්ෂේත්‍රයට සම්බන්ධ සියලුම පාර්ශවයන් සම්බන්ධ කරගනිමින් මෙම යෝජනාවලිය තමන් වෙත ලබාදෙන ලෙසද බලපත්‍රලාභී විදේශ සේවා නියුක්ති නියෝජිත ආයතන සංගමය සමග අද පැවති සාකච්ඡාවේදී අමාත්‍යවරයා දැනුම් දුන්නේය.

: කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය

READ:   කෝටි ගාණකට විකිණීමට ගිය බුදු රුව සහිත මැණික් එබ්බවූ ගල් කරඬුව..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්