file
තෛලෙයිමන්නාරම ප්‍රදේශයේ 10 හැවිරිදි දැරියක් සැකකටයුතු ලෙස සිය නිවස ආසන්නයේ පොල් වත්තක මියගොස් සිටියදී දැරියගේ සිරුර ඊයේ (16) පෙරවරුවේ සොයා ගැණුනා.
ඒ දැරිය අතුරුදන්ව ඇති බවට දැරියගේ මිත්තනිය තලෙයිමන්නාරම පොලිසියට කළ පැමිණිල්ලකට අනුවයි.
එහිදී දැරියගේ මරණය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී සැකපිට එම පොල්වත්තේ මුරකරු අත්අඩංගුවට ගැණුනා.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු පාපොච්චාරණයක් කළ බව පොලිසිය පවසනවා.
විවාහ දෙයක් සිදුකර ඉන් වෙන්ව ජීවත්වෙන 55 හැවිරිදි කුච්දවේලි ප්‍රදේශයේ පදිංචි සැකකරු එම අවස්ථාවේ දී අධික ලෙස බීමත්ව සිට ඇති බව සැලකෙන අතර අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදීත් ඔහු බීමත්ව සිටි බවයි පොලිසිය පැවසුවේ.
සිරුරෙහි යටිකය නිරුවත්ව තිබීම හේතුවෙන් දැරිය ලිංගික අපයෝජනයකට ලක්ව ඇතිද යන්න සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් පරික්ෂා කරන බව පොලිසිය පැවසුවා.
මියගිය දැරිය සිය සහෝදරයා සමග සෙල්ලම් කරමින් නිවස අසල සිටියදී තමා දැරියගේ සහෝදරයාට මුදල් දී කෑම රැගෙන එන ලෙස පවසා ඉන් පසු දැරිය රැගෙන ගොස් මෙම අපරාධය සිදුකළ බවට සැකකරු පැවසු බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළා.
සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදු කරන්නැයි ඉල්ලා ප්‍රදේශවාසීන් ඊයේ උද්ඝෝෂණයකද නිරත වුණා.
මෙලෙස මියගිය දැරියගේ මව සහ පියා ධීවර රැකියාවේ යෙදෙන අතර ඇයව රැකබලාගෙන ඇත්තේ මිත්තණිය විසින්.
ලෝක වනාන්තර දිනයට සමගාමීව වනාන්තර 50ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීමට අදාළ ගැසට් පත්‍රයට අත්සන්…
මැදපෙරදිග සතුරුකම් සහමුලින්ම විසදාගන්න (Complete and total resolution) ඉරානය සමග කළ සාකච්ඡා ථලදායි බවත්, ඒ…
2015 වසරේ ගම්පහ නාගරික ප්‍රදේශයට අයත් ඉඩමක් ආවරණය කරමින් අනීතිකව ඉදි කළ තාප්පයක් ඉදි කළ…
මේ දිනවල පවතින දැඩි උෂ්ණාධික කාලගුණය සමග ඇතිවිය හැකි රෝගී තත්ත්වයන් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත…
ආසියානු සංවර්ධන බැංකුවේ නිල ආරාධනය මත පිලිපීනයේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (11)…
මාර්තු 4 වන දින පාර්ලිමේන්තුවේදී ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරී පනත් කෙටුම්පත සම්මත වීම…