Wednesday, April 15, 2026
Homeදේශීයබයික් එකෙන් ගිහින් මත්ද්‍රව්‍ය බෙදූ කපල් එකක් අත්අඩංගුවට

බයික් එකෙන් ගිහින් මත්ද්‍රව්‍ය බෙදූ කපල් එකක් අත්අඩංගුවට

යතුරු පැදියෙන් ගොස් විවිධ ප්‍රදේශ වලට හොරෝයින් මත්ද්‍රව්‍ය බෙදාහැරීම සිදුකරනු ලබන විවාහක යුවලක් කහවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යුක්ති මෙහෙයුම් වලට සමගාමීව සිදුකරන ලද මෙහෙයුම්වලට සමගාමීව හුංගම, ඇඹිලිපිටිය ලිපිනයේ පදිංචි 30 හැවිරිදි සැකකරුවකු සහ ඔහුගේ බිරිඳ වන 25 හැවිරිදි කාන්තාව ද මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරු සන්තකයේ තිබී හෙරෝයින් මත්ද්‍රව්‍ය 05g 425mg ක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුට විදේශ රටක සිට ජාවාරම්කරුවකු විසින් වට්ස්ඇප් WhatsApp මගින් දැනුම්දෙන ස්ථානයකදී හෙරොයින් මත්ද්‍රව්‍ය ලබාදෙන බවත් ඔහු යතුරු පැදියෙන් ගොස් එම මත්ද්‍රව්‍ය පැකට් පැල්මඩුල්ල සහ බලංගොඩ ප්‍රදේශයේ ස්ථානයක ඉතා ක්ෂූක්ෂමව තබා එම ස්ථානයේ ඡායාරූපයක් ගෙන විදේශගත ජාවාරම්කරුට යොමු කිරීම සිදු කර ඇති බවත් විමර්ශන වලදී අනාවරණය වී තිබෙනවා.

සැකකරුගේ බිරිඳගේ නමින් බැංකු ගිණුමකට දෛනිකව මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විසින් රු. 15,000/- බැර කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

READ:   කොළඹ 7 ත්‍රී රෝද රථයක් තුළ උල් ආයුධයකින් පහරදී ඝාතනය කළ බව කියන පුද්ගල මළ සිරුරක් 
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්