කොළඹ බැස්ටියන් මාවතේ පෞද්ගලික බස් නැවතුම්පොළේ පොදු වැසිකිළි භාවිතයේ දී අය කළ ගාස්තුව යළි සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව රුපියල් 50 ක් ව පැවති එම ගාස්තුව ඊයේ (16) සිට රුපියල් 20 ක් දක්වා අඩු කළ බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.
මිට පෙර රුපියල් 20ක් ව පැවති එම ගස්තුව රුපියල් 50ක් දක්වා ඉහළ දැමීමට බලධාරීන් කටයුතු කර තිබුණා.


