ක්‍රීඩා

ශ්‍රී ලංකාවෙන් දැවැන්ත ඉලක්කයක්

කාසිය වාසිය දිනූ ඇෆ්ගනිස්ථානයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 381ක් රැස් කළා.

එහිදී සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ පැතුම් නිස්සංක පන්දු 139කින් ලකුණු 210ක් රැස් කිරීමට සමත් වුණා.

ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ එක්දින ක්‍රිකට් තරගයක පිතිකරුවකු රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාවට හිමි වාර්තාව තමා සතු කරගනිමින්.

මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ හිටපු නායක සුපිරි ක්‍රීඩක සනත් ජයසූරිය යි.

ඒ ඉන්දියාවට එරෙහිව 2000 වසරේදී සාජා පිටියේ දී ලකුණු 189ක් රැස් කරමින්.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ක්‍රීඩකයෙකු වාර්තා කළ පළමු දිවිත්ව ශතකයේ වාර්තාව ද අද පැතුම් නිස්සංක සතු වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අවිස්ක ප්‍රනාන්දු පන්දු 88 කින් ලකුණු 88ක් රැස් කළා.

සදීර සමරවික්‍රම ලකුණු 45 (36) යි.

Recent Posts

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

22 hours ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

2 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

2 days ago

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

7 days ago