Saturday, September 12, 2026
Homeක්‍රීඩාශ්‍රී ලංකාවෙන් දැවැන්ත ඉලක්කයක්

ශ්‍රී ලංකාවෙන් දැවැන්ත ඉලක්කයක්

කාසිය වාසිය දිනූ ඇෆ්ගනිස්ථානයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 381ක් රැස් කළා.

එහිදී සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ පැතුම් නිස්සංක පන්දු 139කින් ලකුණු 210ක් රැස් කිරීමට සමත් වුණා.

ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ එක්දින ක්‍රිකට් තරගයක පිතිකරුවකු රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාවට හිමි වාර්තාව තමා සතු කරගනිමින්.

මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ හිටපු නායක සුපිරි ක්‍රීඩක සනත් ජයසූරිය යි.

ඒ ඉන්දියාවට එරෙහිව 2000 වසරේදී සාජා පිටියේ දී ලකුණු 189ක් රැස් කරමින්.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ක්‍රීඩකයෙකු වාර්තා කළ පළමු දිවිත්ව ශතකයේ වාර්තාව ද අද පැතුම් නිස්සංක සතු වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අවිස්ක ප්‍රනාන්දු පන්දු 88 කින් ලකුණු 88ක් රැස් කළා.

සදීර සමරවික්‍රම ලකුණු 45 (36) යි.

READ:   කලකට පසු ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ශක්තිමත් ආරම්භයක්.
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්