සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ සහ නවසීලන්තය අතර පැවති පළමු තරඟය පරාජය වීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දුයවන්නන් අවසන් ඉනිමේ දී කටයුතු කළ ආකාරය හේතු වූ බව ලසිත් මාලිංග පවසනවා.
ඉනිම් දෙක තුළ ලකුණු 300 ක සීමාව ශ්‍රි ලංකා කණ්ඩායමේ පිතිකරුවන් පසු කළ බවත් අවසන් ඉනිමේ පන්දුවාර 70 ක් තුළ ලකුණු 280ක් නතර කර ගැනීමට පන්දුයවන්නන්ට නොහැකී වීම සහ පන්දුයවන්නන් පිතිකරුවන් හඳුනාගෙන තරඟය පාලනයට කටයුතු නොකරීම නිසා ජයපරාජයෙන් තොරව හෝ අවසන් කර ගැනීමට තිබූ තරඟය ශ්‍රී ලංකාව පරාජය වූ බව ලසිත් මාලිංග පෙන්වා දෙනවා.
තවත් මෙවැනි අවස්ථාවකදී කණ්ඩායමේ පුහුණුකරුවන් සහ කළමාණාකරුවන් තරඟකරුවන් දැනුවත් කිරීම, තරඟය හැසිරවීම පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු බව ලසිත් මාලිංග පැවසුවා.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර ක්‍රයිස්චර්ච් හිදී පැවති පළමු ටෙස්ට් තරඟය මීට සුළු මොහොතකට පෙර ජයග්‍රාහණය කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.
තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 355 ක් සහ දෙවෙනි ඉනිම සඳහා ලකුණු 302 ක් වශයෙන් රැස් කළා.
සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 373ක් රැස් කළ නවසීලන්ත කණ්ඩායමට දෙවනි ඉනිමේ තරඟය ජයග්‍රහණය කිරීම සඳහා ලකුණු 285ක ඉලක්කයක් හිමි වුණා.
අද දිනයේ තරඟය ආරම්භ කිරීමට ප්‍රමාද වීම නිසා නවසීලන්ත කණ්ඩායමට පන්දුවාර 53කදී කඩුළු 9 ක් අතැතිව ලකුණු 257 ක් රැස් කර ගත යුතුව තිබුණා.
එම විඩියෝව පහතින්,


