Saturday, May 30, 2026
HomeදේශීයBREAKING: ජයසූරිය ඉක්මවා යමින් පැතුම් ක්‍රිකට් වාර්තා පොත අලුත් කරයි

BREAKING: ජයසූරිය ඉක්මවා යමින් පැතුම් ක්‍රිකට් වාර්තා පොත අලුත් කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය තුළ එක්දින ඉනිමකදී පිතිකරුවෙකු ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව රැස් කිරීමට පැතුම් නිස්සංක අද සමත් වුණා.

ඒ පන්දු 139කින් නොදැවී ලකුණු 210ක් රැස් කරමින්.

ඊට හතරේ පහර 20ක් සහ අගනා 6 පහර 8ක්  ද ඇතුළත්.

මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක සුපිරි ක්‍රීඩක සනත් ජයසූරියයි.

ඒ 2000 වර්ෂයේදී ඉන්දියාවට එරෙහිව පන්දු 161කින් ලකුණු 189ක් රැස් කරමින්.

මේ අතර ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ක්‍රීඩකයෙකු වාර්තා කළ පළමු දිවිත්ව ශතකයේ වාර්තාව ද තමා සතු කර ගැනීමට පැතුම් නිස්සංක අද සමත් වුණා.

READ:   ජනතා විමුක්ති පෙරමුණේ "රතු මැයි රැලියට" ජන ගඟක් (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්