Sunday, April 19, 2026
Homeදේශීයජනපති සහ චීන තානාපති අතර හමුවක්.

ජනපති සහ චීන තානාපති අතර හමුවක්.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ චීන තානාපති චී ෂෙන්හොන්ග් (Qi Zhenghong) මහතා අතර හමුවක් අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය සුබපැතුම් පිරිනැමූ චීන තානාපතිවරයා දෙරටේ සබඳතා ශක්තිමත්ව ඉදිරියට පවත්වා ගෙන යාම පිළිබඳ සාකච්ඡා කළේය.

එක් චීනයක් ප්‍රතිපත්තියට ශ්‍රී ලංකාවේ අනුගතවීම මෙන්ම ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති මූලධර්මවලට ශ්‍රී ලංකාවේ කැපවීම වික්‍රමසිංහ මහතා මෙහිදී යළි අවධාරණය කරනු ලැබීය.

“වත්මන් ගෝලීය ආතතීන් තවදුරටත් උත්සන්න කරන ප්‍රකෝප කිරීම්වලින් රටවල් වැළකිය යුතුය. අන්‍යෝන්‍ය ගරුත්වය සහ රටවල් අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම සාමකාමී සහයෝගීතාවට සහ ගැටුම් ඇති නොවීමට වැදගත් පදනමක්” බව ද මෙහිදී සඳහන් කෙරිණ.

READ:   16 හැවිරිදි කළුතර සිසුවියගේ මරණයේ සැකකරුවන් අධිකරණයට (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්