file
කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන ජයගමු ශ්‍රී ලංකා දිප ව්‍යාප්ත ජනතා ජංගම සේවා වැඩසටහනේ සමාරම්භක වැඩසටහන හෙට (31) අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේදී අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සහ දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් ආරම්භ වීමට නියමිතය.
මෙම වැඩසහටන හෙට (31) සහ අනිද්දා (01) යන දෙදින පුරා අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගලයේද පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මෙහිදී විදේශ රැකියා සඳහා වෘත්තීය පුහුණු අවස්ථා සම්බන්ධයෙන් ජනතාව දැණුවත් කිරීමේ වැඩසටන්, ශ්‍රම බලකායේ වෘත්තීය ගරුත්වය ආරක්ෂා කරන ගරු සරු වැඩසටහන්ද පැවැත්වීමට නියමිතය.
මේ අතර ජනතාවට සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල් සහ සේවක අර්ථ සාධක අරමුදල් සම්බන්ධයෙන් වූ ගැටලු සඳහා විසදුම් ලබා ගැනීම සඳහා විශේෂ සේවාවන්ද මෙහිදී සැපයීමට නියමිතය. මෙම වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් විගමනික ශ්‍රමිකයින්ගේ දරුවන් සඳහා ශිෂ්‍යත්වය ප්‍රධානය කිරීමටද නියමිතය.
මෙරටට යලි පැමිණි විගමනික ශ්‍රමකියන් ව්‍යවසායකයින් බවට පත්කිරීමේ විශේෂ මගපෙන්වීමේ වැඩසහනක්ද විගමනික ශ්‍රමකියන්ගේ පවුල් වලට මහ මැෂින් සහ රෝද පුටු ප්‍රධානය කිරීමක්ද ඊට ඇතුලත්ය. තරුණ පරපුර නව වැඩ ලෝකයට සූදානම් කිරීමේ ස්මාට් යූත් වැඩසටහනද මෙහිදී ආරම්භ වීමට නියමිතය. මේ අතර ශ්‍රම වාසනා අරමුදල යටතේ අඩු ආදායම්ලාභී පුවල් වල දරුවන් සඳහා පාසල් උපකරණ ලබාදීමක්ද මෙහිදී සිදු කිරීමට නියමිතය.
මේ අතර යල් පැන ගිය කම්කරු නීති වෙනුවට නූතන වැඩ ලෝකයට ගැලපෙන ශ්‍රමිකයෙක් බිහි කිරීම සදහා වන නව රැකී රක්ෂා පනත පිළිබද රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන්, නීති විරෝධී මිනිස් ජාවාවම් වැලැක්වීම සදහා ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සහ බිම් මට්ටමේ ජනතාව සමග කටයුතු කරන රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම සදහා වන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටද නියමිතය.
: කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…
Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…
Sri Lankan Environment Minister responding to questions about the Kavanthissa elephant death
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…