දේශීය

ජයගමු ශ්‍රී ලංකා හෙට රජරටින් ඇරඹෙයි.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන ජයගමු ශ්‍රී ලංකා දිප ව්‍යාප්ත ජනතා ජංගම සේවා වැඩසටහනේ සමාරම්භක වැඩසටහන හෙට (31) අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේදී අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සහ දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් ආරම්භ වීමට නියමිතය.

මෙම වැඩසහටන හෙට (31) සහ අනිද්දා (01) යන දෙදින පුරා අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගලයේද පැවැත්වීමට කටයුතු යොදා තිබේ.  මෙහිදී විදේශ රැකියා සඳහා වෘත්තීය පුහුණු අවස්ථා සම්බන්ධයෙන් ජනතාව දැණුවත් කිරීමේ වැඩසටන්, ශ්‍රම බලකායේ වෘත්තීය ගරුත්වය ආරක්ෂා කරන ගරු සරු වැඩසටහන්ද පැවැත්වීමට නියමිතය.

මේ අතර ජනතාවට සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල් සහ සේවක අර්ථ සාධක අරමුදල් සම්බන්ධයෙන් වූ ගැටලු සඳහා විසදුම් ලබා ගැනීම සඳහා විශේෂ සේවාවන්ද මෙහිදී සැපයීමට නියමිතය.  මෙම වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් විගමනික ශ්‍රමිකයින්ගේ දරුවන් සඳහා ශිෂ්‍යත්වය ප්‍රධානය කිරීමටද නියමිතය.

මෙරටට යලි පැමිණි විගමනික ශ්‍රමකියන් ව්‍යවසායකයින් බවට පත්කිරීමේ විශේෂ මගපෙන්වීමේ වැඩසහනක්ද විගමනික ශ්‍රමකියන්ගේ පවුල් වලට මහ මැෂින් සහ රෝද පුටු ප්‍රධානය කිරීමක්ද ඊට ඇතුලත්ය. තරුණ පරපුර නව වැඩ ලෝකයට සූදානම් කිරීමේ ස්මාට් යූත් වැඩසටහනද මෙහිදී ආරම්භ වීමට නියමිතය. මේ අතර ශ්‍රම වාසනා අරමුදල යටතේ අඩු ආදායම්ලාභී පුවල් වල දරුවන් සඳහා පාසල් උපකරණ ලබාදීමක්ද මෙහිදී සිදු කිරීමට නියමිතය. 

මේ අතර යල් පැන ගිය කම්කරු නීති වෙනුවට නූතන වැඩ ලෝකයට ගැලපෙන ශ්‍රමිකයෙක් බිහි කිරීම සදහා වන නව රැකී රක්ෂා පනත පිළිබද රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන්, නීති විරෝධී මිනිස් ජාවාවම් වැලැක්වීම සදහා ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සහ බිම් මට්ටමේ ජනතාව සමග කටයුතු කරන රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම සදහා වන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටද නියමිතය.

: කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය

Recent Posts

BREAKING

22 වැනි සංශෝධනයට එරෙහි පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

1 day ago

තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ ජාතික ව්‍යාපෘතිය හෙට ඇරඹේ

චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…

2 days ago

2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තියට අනුව මෙරට ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

අපනයන ප්‍රමුඛ කරගත් 2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තියට අනුව මෙරට ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම පිළිබඳ…

2 days ago

හිටපු ඇමති රවී කරුණානායක අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…

2 days ago

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට බදු නඩුවෙන් ජය

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර පැවති බදු සම්බන්ධ නීතිමය…

2 days ago

වත්මන් රජය 22 වැනි සංශෝධනය තුළින් ප්‍රජාතන්ත්‍රවාදය සමූළ ඝාතනය කරනවා – විපක්ෂ නායක

රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…

3 days ago