Friday, April 17, 2026
Homeදේශීයසරසවි වරම් ලැබූ සිසුන්ට විශේෂ නිවේදනයක්

සරසවි වරම් ලැබූ සිසුන්ට විශේෂ නිවේදනයක්

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වන ප්‍රවේශ අත්පොත් මේ වන විටත් නිකුත් කර ඇති බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසනවා.

ඒ අනුව විශ්වවිද්‍යාල අයදුම්කරුවන්ට ශිෂ්‍ය අත්පොත අවසරලත් පොත් සාප්පුවලින් ප්‍රදේශීය මට්ටමෙන් ලබා ගත හැකියි.

සැප්තැම්බර් 14 වනදා සිට අයදුම්පත් භාර ගන්නා බව ඒ මහතා සඳහන් කළා.

ඒ අනුව 2022 /2023 වර්ෂයන් සඳහා සිසුන් 45,000ක් විශ්වවිද්‍යාල සඳහා බඳවා ගැනීමට නියමිත බවයි ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසුවා.

අත්පොත බෙදාහැරීමේ නියෝජිතයන් ගැන තොරතුරු පහත සබැඳියෙන් ලබා ගත හැකියි.

www.ugc.ac.lk

file
READ:   කිව්ව විදිහට ම වෙනවා. -අජිත් නිවාඩ් කබ්රාල්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්