Wednesday, July 29, 2026
Homeදේශීයපානදුර බස් අනතුරින් තුනක් රෝහලට (වීඩියෝ)

පානදුර බස් අනතුරින් තුනක් රෝහලට (වීඩියෝ)

අද (15) අලුයම හතරට පමණ පානදුර නගරයේ පානදුර ගුවන් පාලම ආසන්නයේදී ලුණුගම්වෙහෙර සිට කොළඹ දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් පෙරළී යාමෙන් බස් රථයේ ගමන් ගත් සිව් දෙනකු තුවාල ලබා පානදුර මූලික රෝහලට ඇතුළත් කර බව පානදුර දකුණ පොලිසිය ප්‍රකාශ කරයි.

එම බස් රථයේ රෝදවල සිදුවූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදු වන්නට ඇතැයි පානදුර දකුණ පොලිසිය අනුමාන කරයි.

පානදුර නගරයේ ප්‍රධාන බස් නැවතුම ආසන්නයේදී මෙම අනතුර සිදුව ඇත.

බස් රථය පෙරළී යාමයෙන් බස් රථයට ද හානි සිදුව ඇත.

බස් රථය පැදවූ රියදුරු පානදුර දකුණ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

READ:   බුදු දහමට අපහාස කළ ගිණුම්වල තොරතුරු දෙන්නැයි ෆේස්බුක් ආයතනයට නියෝග
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්