ක්‍රීඩා

ලෝක ශූර කැන්ගරුවන්ට එරෙහිව වසර 27කට පසු කොදෙව්වන්ට ජය ගෙනා, හිටපු ආරක්ෂක නිලධාරි නවක ක්‍රිකට් තරුව – ශමාර් ජෝෂප්

වසර 27 කට පසු ඕස්ට්‍රේලියාවේදී, කොදෙව් කණ්ඩායමක් ඕස්ට්‍රේලියාවට එරෙහිව ටෙසට් තරගයක් ජය ගැනීමට ඊයේ (28) සමත් වුණා.

එහිදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ කොදෙව් නවක ක්‍රීඩක Shamar Joseph ලකුණු 68 කට ඕස්ට්‍රේලියාවේ කඩුලු 07ක් බිඳ දැමුවා.

ඒ පන්දුවාර 11 යි පන්දු 5ක් තුළදී.

සිය මංගල ටෙස්ට් තරගාවළිය ක්‍රීඩා කරන Joseph ඇඟිල්ලක අබාධයක් සහිතව සිටියදී මෙම දක්ශතාවය දැක්වීම විශේෂත්වයක්.

ඒ අනුව ඔහු සිය මංගල ටෙස්ට් තරගාවලියේ දී ලබා ගත් කඩුලු සංඛ්‍යාව 13ක්.

කොදෙව්වන්ට එරෙහි පළමු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියාව ලකුණු 193කට සියලුදෙනා දැවී ගියා.

ඒ අනුව තරගාවලියේ ජය සොයා ලකුණු 216ක ඉලක්කයක් හබා යෑමට පිටියට පිවිසි ප්‍රබල ඕස්ට්‍රේලියාවේ බලාපොරොත්තු Shamar Josephගේ පන්දු යැවීම හමුවේ සුනුවිසුනු වී ගියා.

එහිදී හුදෙකලා ඉනිමක් ක්‍රීඩා කළ Steven Smith පන්දු 146කින් ලකුණු 91 ක් රැස් කළා.

කෙසේ වෙතත් ඕස්ට්‍රේලියාවට ලබා ගත හැකි වුයේ ලකුණු 207ක් පමණයි.

ඒ අනුව ලකුණු 8ක තියුණු සහ ඓතිහාසික ජයක් කොදෙව්වන්ට හිමුවුණා.

ඒ අනුව තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා යන සම්මාන ද්විත්වයම Shamar Joseph විසින් දිනා ගත්තා.

ගයනාවේ දුෂ්කර ගමක උපත ලබා ඇති 24 වන වියෙහි පසුවන Shamar Joseph ක්‍රීකට් ක්‍රීඩාව හා සම්බන්ධ වීමට පෙර ආරක්ෂක නිලධාරියෙකු ලෙස සේවය කර තිබෙනවා.

file

Recent Posts

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

1 day ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

1 day ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

2 days ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

2 days ago

දේශගුණික විපර්යාස සහ ප්‍රධාන සෞඛ්‍ය අභියෝග 04 ක් ජය ගැනීමට කලාපීය සහයෝගීතාවයේ අවශ්‍යතාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…

2 days ago

SAWM-SL ඩිජිටල් සමානාත්මතා AI පුහුණු වැඩමුළු සඳහා අයදුම්පත් දැන් විවෘතයි

COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…

5 days ago