Tuesday, April 21, 2026
HomeදේශීයBREAKING NEWS: ඔන්ලයින් පනත් කෙටුම්පත සම්මතයි

BREAKING NEWS: ඔන්ලයින් පනත් කෙටුම්පත සම්මතයි

මාර්ගගත ක්‍රම පිළිබද පනත් කෙටුම්පත කාරක සභා අවස්ථාවේ දී සංශෝධන සහිතව සම්මත වූ බව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දුන්නා.

ඒ එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දෙවනවර කියවීමේ විවාදයේ ඡන්ද විමසීමෙන් අනතුරුව පැවති කාරක සභා අවස්ථාවේ දී යි.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත දෙවනවර කියවීම වැඩි ඡන්ද 46 කින් සම්මත වුණා.

…………….. UPDATE

ඔන්ලයින් පනත දෙවනවර කියවීම වැඩි ඡන්දෙන් සම්මතයි

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත දෙවනවර කියවීම වැඩි ඡන්ද 46 කින් අද (24) පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

එහිදී යෝජනාවට පක්ෂව ඡන්ද 108ක් ලැබුණු අතර එම යෝජනාවට විපක්ෂව හිමිවූයේ ඡන්ද 62ක් පමණයි.

ඒ අනුව මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත දෙවනවර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත වූ බව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දුන්නා.

READ:   කොරියාවේ කොරොනා ආරක්ෂිත බස් තාවකාලික නැවතුම්පලක්..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්