කටුනායක අධිවේගී මාර්ගයේ අද උදෑසන සිදුවූ රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
කටුනායක සිට කොළඹ දෙසට ධාවනය කරමින් තිබූ ඒ මහතා ගමන් කරමින් සිටි සුඛෝපභෝගි රථය, ඒ දෙසටම ධාවනය කරමින් තිබූ කන්ටේනරයක පිටුපස ගැටී අනතුර සිදුව ඇති බව පොලිසිය පවසනවා.
එම රථය මාර්ගයේ ආරක්ෂක වැටේ ගැටී ඇති අතර අනතුරින් බරපතළ තුවාල ලැබූ රාජ්‍ය අමාත්‍යවරයා සහ ඔහුගේ ආරක්ෂාක නිලධාරියා ද රාගම රෝහලට ඇතුළත් කිරීමේන් අනතුරුව ජීවිතක්ෂයට පත් වූ බවයි පොලිසිය පැවසුවේ.
කටුනායක අධිවේගී මාර්ගයේ R.11.1 කිලෝමීටර් කණුව අසල අද අලුයම 2ට පමණ මෙම අනතුර සිදුව තිබෙනවා.








