ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේ වී වගාවට වැලදී ඇති හදුනා නොගත් පණු රෝගයක් පිළිබදව අප පසුගිය දා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය තුලින් විකාශය කල අතර ඒ පිළිබඳව අවදානය යොමු කල ගොවිජනසේවා දේපාර්ථමෙන්තුව, කෘෂි අන්සීක නිපුනතා සභාව හා උතුරුමැද අන්තර් පලාත් කෘෂිකර්ම දේපර්ථමෙන්තුවේ නිළධාරින් (20) දින දහවල් කාලයේ ගලෙන්බිදුණුවැව දුටුවැව ප්‍රදේශයේ වී වගාකර ඇති කුඹුරු නිරික්ෂණයට පැමිණියා.

ඒ අනුව මේ අවස්ථාවේ දී drone යාන භාවිතා කරමින් පනු හණිය පැතිරි ඇති කුබුරු ඉඩම සදහා කෘෂිරසායින ඉසීම සිදු කළා.


මෙහිදී සම්ප්‍රධායික ගොවිතැන වෙනුවට නව තාක්ෂණය භාවිතා කරමින් ඉදිරියට වී ගොවිතැන සිදු කරන්නේ කෙසේද යන්න ගොවින්ට පැහැදිලි කල අතර ගොවිජනසේවා දේපාර්ථමෙන්තුව, කෘෂි අන්සීක නිපුනතා සභාව හා උතුරුමැද අන්තර් පලාත් කෘෂිකර්ම දේපර්ථමෙන්තුව ඉදිරියේදී ගොවි තැනට අවශ්‍ය කරන පහසුකම් රැසක් හදුන්වා දීමට යන බවත් පැමිණ සිටි නිළධාරින් ගොවින් ට පැවසුවා.

: ගලෙන්බිදුණුවැව චින්තක ක්‍රීෂාන්ත බාලසුරිය


