Wednesday, June 17, 2026
HomeදේශීයBREAKING: Face Book, You Tube, Google, X, ලංකාව සමඟ ගණුදෙනු නවතා දමයි!!

BREAKING: Face Book, You Tube, Google, X, ලංකාව සමඟ ගණුදෙනු නවතා දමයි!!

යූ ටියුබ්, ෆේස්බුක් සමාගම් ලංකාවේ රාජ්‍ය ආයතන සමග දැනට ඇති සියලු සම්බන්ධතා ජනවාරි 24 වෙනිදායින් පසු නවතා දමන බව මෙම ආයතන ආණ්ඩුවට දන්වා ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි .

ඒ අනුව යූ ටියුබ්, ෆේස්බුක්, ගූගල්, එක්ස් ඇතුළු සියලු සමාජ මාධ්‍ය සමාගම් මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, සර්ට් ආයතනය, ජනාධිපති කාර්යාලය සහ විදුලි සංදේශ නියාමන කොමිසම ඇතුළු රාජ්‍ය ආයතන සමග පවත්වන සබඳතා මේ වන විටත් අවම කර ඇතැයි පැවසේ.

ආණ්ඩුව විසින් හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ඔන්ලයින් ආරක්ෂණ පනත 24 දා සම්මත වීමෙන් පසු රට තුළ එය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නීතිමය රාමුව සැකසෙන බැවින් මෙම සමාගම් රාජ්‍ය ආයතන සමග ගණුදෙනු කිරීමෙන් ඉවත් වන බව ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වෙතත් විදුලි සංදේශ නියාමන කොමිසමේ සබඳතාව මේ වනවිටත් ඇණහිට ඇති අතට එය මේ ක්‍රියාදාමයේම කොටසක් දැයි පැහැදිලි නැති බව එම කොමිසමේ ප්‍රකාශකයෙක් අපට පැවසීය.

කෙසේ වෙතත් මේ ක්‍රියාමාර්ගය නිසා පොලීසිය, සර්ට් ආයතනය වැනි රාජ්‍ය ආයතනවල දැනටමත් කෙරෙන ඔන්ලයින් අපරාධ පරීක්ෂණ ඇණ හිටෙනු ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

READ:   කැබිනට් සංශෝධනයේදී තමන්ට අයත් විෂයන් ඉවත් කරනවාට ඇමතිවරු අකමැති වෙති
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්