Wednesday, April 22, 2026
Homeදේශීයනායකත්වය, තීරණ ගැනීමේ හැකියාව හා සාමූහික වගකීම තුළින් ඵලදායි රාජ්‍ය සේවයක් උදෙසා...

නායකත්වය, තීරණ ගැනීමේ හැකියාව හා සාමූහික වගකීම තුළින් ඵලදායි රාජ්‍ය සේවයක් උදෙසා එළිමහන් ප්‍රායෝගික පුහුණුවක්

ශ්‍රී ලංකා විදේශ නියුක්ති කාර්යාංශ නිළධාරීන්ගේ නායකත්වය හා විවිධ කුසලතා වර්ධනය කිරීමේ අරමුණින් එළිමහන් පුහුණු වැඩසටහනක් පසුගියදා කුකුලේගඟ ලයා ලෙෂර් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විය.

file

කාර්යාංශ කාර්ය මණ්ඩලයේ දැනුම හා කුසලතා වර්ධනය උදෙසා ආයතනයේ පරිපාලන හා මානව සම්පත් අංශය මගින් සංවිධානය කරනු ලැබූ මෙම වැඩසටහන වෙනත් පුහුණු වැඩසටහන් වලට වඩා සුවිශේෂි පුහුණුවක් විය.

file

කාර්යාලීය කටයුතු වලින් බැහැරව ප්‍රායෝගික ක්‍රියාකාරකම් රැසකින් සමන්විත වූ මෙම වැඩසටහන මගින් නායකත්ව පුහුණුව, තීරණ ගැනීමේ හැකියාවන් වර්ධනය කරගැනීම, සාමූහිකව කණ්ඩායමක් වශයෙන් කටයුතු කිරීමෙන් සමස්ථ ආයතනය ජයග්‍රහණය කරා ගෙනයාම ආදී විවිධ කුසලතාවන් වර්ධනය කරගැනීමට අවශ්‍ය නවමු අත්දැකීම් සමූහයක් කාර්යාංශ නිළධාරීන් හට අත්විඳගැනීමට අවස්ථාව සැලසිණි.

file

මහජනතාව වෙත ගුණාත්මක සේවාවක් ලබාදීමේ අපේක්ෂාවෙන් කාර්යාංශ පරිපාලන හා මානව සම්පත් අංශය මගින් කාර්ය මණ්ඩලයේ දැනුම හා හැකියාවන් වර්ධනය කිරීම උදෙසා වාර්ෂිකව පුහුණු වැඩසටහන් සංවිධානය කරනු ලබයි.

file

එළිමහන් පුහුණු වැඩසටහනේ ආරම්භක වැඩසටහන ලෙස පැවැත්වුණු මෙම වැඩසටහනට නිළධාරීන් 80 දෙනෙකු සහභාගී වූ අතර ඉදිරි සති කිහිපයේදී සෙසු කාර්ය මණ්ඩලය වෙතද මෙම පුහුණුව ලබාදීමටද කටයුතු සූදානම් කර ඇත.

file
file
READ:   ඊශ්‍රායල රාජ්‍යයේ 76 වැනි නිදහස් දිනය - විදේශ රැකියා අමාත්‍ය පවත්වනු ලැබූ කතාව
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්