ක්‍රීඩා

සුපිරි ඕවර දෙකක් දක්වා ඉන්දියාව අරන් ගිය ඇෆ්ගනිස්ථාන ප්‍රහාරය

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ඉන්දියාව අතර ඉන්දියාවේ දී පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියේ තෙවන තරගය ඊයේ පැවැත්වුණා.

මෙම තරගයේ දී ජය පරාජය තීරණය කිරීම සඳහා සුපිරි ඕවර දෙකක් ක්‍රියාත්මක කිරීමට සිදුවීම කැපී පෙණුනා.

ඒ දෙපිලෙහි ලකුණු සමවීම හේතුවෙන්.

කෙස් වෙතත් තරගයේ දෙවන සුපිරි ඕවරයෙන් තරගයේ ජය තමන් සතු කර ගැනීමට ඉන්දියාව සමත් වුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 212ක් රැස් කළා.

එහිදී Rohit Sharma පන්දු 69 කින් නොදැවී ලකුණු 121 ක් ,Rinku Singh පන්දු 39 කින් නොදැවී ලකුණු 69 ක් වශයෙන් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ද කඩුලු 6ක් දැවී ලකුණු 212ක් රැස් කිරීමට සමත් වුණා.

ඒ G Naib සහ Rahmanullah Gurbaz ඇතුළු ඇෆ්ගනිස්ථාන පිතිකරුවන් ගේ සටන්කාමී ඉනිම් හමුවේ.

G Naib නොදැවී ලකුණු 55 (23) යි. Gurbaz ලකුණු 50 (32) යි.

Ibrahim Zadran ලකුණු 50(41) ක් රැස් කළා.

සිය පළමු සුපිරි පන්දුවාරය සඳහා පිටියට පිවිසි Mohammed Nabi සහ Rahmanullah Gurbaz එක්ව ලකුණු 16ක් රැස් කිරීමට සමත් වුණා.

එහිදී ඉන්දීය කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 16ක් රැස් කරගත්තා.

ඒ අනුව ලකුණු සමවීම නිසා යළිත් සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක කිරීමට සිදු වූ අතර එහිදී ඉන්දියාව ලකුණු 11 ක් රැස් කළ අතර ඇෆ්ගනිස්ථාන රැස් කළේ 1 ලකුණක් පමණයි.

ඒ අනුව තියණු තරගයකින් අනතුරුව තරගය ලකුණු 10 කින් ඉන්දියාව ජය ගත්තා.

Recent Posts

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

4 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

4 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

1 week ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

1 week ago