Monday, June 15, 2026
Homeදේශීයද්විපාර්ශ්වික සබඳතාවලට වසර 75ක් පිරීම නිමිත්තෙන් ඈන් කුමරිය සමග රාත්‍රී භෝජන සංග්‍රහයක්

ද්විපාර්ශ්වික සබඳතාවලට වසර 75ක් පිරීම නිමිත්තෙන් ඈන් කුමරිය සමග රාත්‍රී භෝජන සංග්‍රහයක්

මෙරට තෙදින නිල සංචාරයක නිරත එක්සත් රාජධානියේ රාජකීය ඈන් කුමරිය සහ ඇයගේ සැමියා වන වයිස් අද්මිරාල් ශ්‍රීමත් තිමොති ලෝරන්ස් මහතා ඊයේ (10) කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වුණා.

එක්සත් රාජධානිය සහ ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතාවලට වසර 75ක් පිරීම නිමිත්තෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක් ද ඊයේ පස්වරුවේ කොළඹ ජනාධිපති නිල නිවසේදී පවත්වා තිබෙනවා.

file

අනතුරුව ඈන් කුමරිය ඇතුලු පිරිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සමඟ සුහද කථා බහකට එක්ව සිටියා.

file

මෙම අවස්ථාව සනිටුහන් කරමින් ඈන් කුමරිය ජනාධිපති මන්දිරයේ තැන්පත් කර ඇති විශේෂ අමුත්තන්ගේ සමරු පොතෙහි සටහනක්ද තැබුවා.

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග, සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ෂවේන්ද්‍ර සිල්වා යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

file
READ:   නි⁣. පොලිස්පතිනියට කරන අසාධාරණයට විරුද්ධයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්