Saturday, April 18, 2026
Homeදේශීයතෛයිපොන්ගල් දිනය අදයි.

තෛයිපොන්ගල් දිනය අදයි.

ලෝව පුරා හින්දු භක්තිකයින් මහත් හරසරින් සමරන තෛයිපොන්ගල් උත්සවය අදට (15) යෙදී තිබෙනවා.

සරුසාර අස්වැන්නක් ලබා දීම වෙනුවෙන් සූර්ය දෙවියන් නැමදීම මෙම උත්සවයේ අරමුණයි.

මේ අතර මෙවර තෛයිපොන්ගල් දිනය නිමිත්තෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ, වසර දෙකක් පුරා සිදු කළ අසීමිත කැපවීම් හමුවේ රට ජයග්‍රහණයේ මාවතට අවතීර්ණ වෙමින් තිබෙන අවස්ථාවක මෙවර තෛපොංගල් සැමරීමට ලැබීම සතුටට කරුණක් බවයි.

සශ්‍රීකත්වය සහ කෘතගුණ දැක්වීම සංකේතවත් කරන තෛපොංගල් උත්සවය සරු අස්වැන්නක් පමණක් නොව නව ආරම්භයක් පිළිබඳව ද අපේක්ෂා පෙරදැරි කරගත් සැමරුමක් බව ඒ මහතා පෙන්වා දෙනවා.

ජනාධිපතිවරයා විසින් නිකුත් කළ තෛයිපොන්ගල් පණිවිඩයේ තවදුරටත් මෙලෙස සඳහන් වෙනවා..

මීට වසර දහසකට පමණ පෙරාතුව චෝල රජ සමයේදී වසරේ පළමු අස්‌වනු මංගල්‍යය සැමරීම උදෙසා මෙම උත්සවය ඇරඹුණු බව පැවසෙයි.

අස්‌වනු සරිකර ගැනීමට ඇප උපකාර කළ සියලු දෙනා වෙත එක හා සමාන මෙත් සිතින් තුති පිදීම මෙම උත්සවයේ අරමුණයි. බිඳ වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය නැවත නඟාසිටුවමින් සශ්‍රීක රටක් ගොඩනැඟීමේ දී අප කෘෂි කර්මාන්තය කෙරෙහි දැඩි විශ්වාසයක් තබා ඇත්තෙමු. කෘෂි නවීකරණ වැඩපිළිවෙළ සමඟ රට පුරා කෘෂි කර්මාන්තයේ නව පරිවර්තනයක් වෙනුවෙන් අවශ්‍ය සැලසුම් දැනටමත් රජය ක්‍රියාවට නංවා තිබෙන අතර, එම කටයුතු සාර්ථක කර ගැනීමට මෙවර තෛපොංගල් සැමරුම ආශිර්වාදයක් වේවායි ප්‍රාර්ථනා කරමි.

එසේම තෛපොංගල් උත්සවයෙන් අපට පෙන්වා දෙන්නේ සමානාත්මතාවයේ ගරුත්වයයි. එහෙයින් හෙට දවසේ රට වෙනුවෙන් වූ අලුත් බලාපොරොත්තු සඵල කර ගැනීමට එක මවකගේ දරුවන් මෙන් අධිෂ්ඨානයෙන් පෙරට එන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමින් සියලුම ද්‍රවිඩ ජනතාවට සෞභාග්‍යවත් හා ප්‍රීතිමත් තෛපොංගල් සැමරුමකට ශුභාශිංසන එක් කරමි.

READ:   ෆොන්සේකාගේ පොරොන්දුව ජනපති අතින් එළිදක්වයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්