Friday, April 24, 2026
Homeක්‍රීඩාආසියාවේ කිරුළ හිමි ක්‍රිකට් ශූරයන් තීරණය කෙරෙන අවසන් මහා සටන අද..

ආසියාවේ කිරුළ හිමි ක්‍රිකට් ශූරයන් තීරණය කෙරෙන අවසන් මහා සටන අද..

16 වන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ක්‍රිකට් කිරුළ හිමි ශූරයන් තීරණය කෙරන අවසන් මහා තරගය අද පැවැත්වෙනවා.

ඒ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතරයි.

අවසන් මහා තරගය අද පස්වරු 03.00ට ආරම්භ වීමට නියමිතයි.

තරගය කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.

පසුගිය පාකිස්තාන තරගය අතරතුර අබාධයකට ලක්වීම හේතුවෙන් අද තරගයට මහිෂ් තීක්ෂණ එක්වෙන්නේ නැහැ. ඒ වෙනුවට සහන් ආරච්චිගේ සංචිතයට නම් කර තිබෙනවා.

කෙසේ වෙතත් මහීෂ් තීක්ෂණ වෙනුවට සංචිතයේ සිටින පා දඟ පන්දු යවන ක්‍රීඩක දුශාන් හේමන්ත යෙදවීමට නියමිත බව ද වාර්තා වෙනවා.

මේ අතර ඉන්දීය කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක Axar Patel ද අද තරගයට එක්වන්නේ නැහැ. ඒ අබාධයකට ලක්වීම හේතුවෙන්.

ඔහු වෙනුවට සංචිතයට ආදේශ කර ඇත්තේ දඟ පන්දු යවන ක්‍රීඩක Washington Sundar.

ආසියානු කුසලානයයේ එක්දින සහ විස්සයි විස්ස තරග රටා දෙක තුළ දීම අවස්ථා 7කදී ඉන්දියාව ශූරතාව දිනා ගෙන ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායම අවස්ථා 6 කදී ආසියානු ශූරතාවය දිනා ගෙන තිබෙනවා.

ආසියානු කුසලාන එක්දින තරගාවලි තුළදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අවස්ථා 20කදී මුහුණට මුහුණ හමුවී ඇති අතර ඉන් අවස්ථා 10 බැගින් දෙපිලම ජයග්‍රාහණය කර තිබෙනවා.

අවසන් වරට පැවැති ආසියානු ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගත් කණ්ඩායම වන්නේ ද ශ්‍රී ලංකාවයි.

READ:   මහීෂ් තීක්ෂණට හෙට තරගය අහිමිවෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්