ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත යළි ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
බන්ධනාගාර කටයුතු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ නියෝග පරිදි පසුගිය සෙනසුරාදා දිනයේදී එම ගැසට් පත්‍රය නිකුත් කර ඇති බව වාර්තා වෙනවා.
මිට පෙර මාර්තු 22 වනදා ගැසට් පත්‍රයයක් මගින් ප්‍රකාශ කළ ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත යළි සංශෝධනය කිරීමට රජය තීරණය කළා.
ඒ ඊට පාර්ශව ගණනාවකින් විරෝධය එල්ල වීම හේතුවෙන්.
ඒ අනුව ඒ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පිරිසගේ අදහස් ගෙන නැවත වරක් සකස් කෙරුණු ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබුණා.


