Saturday, April 25, 2026
Homeදේශීය2024 අයවැය - ආර්ථික විද්‍යාත්මක හෝරාවක් - ජනගත කෙරේ

2024 අයවැය – ආර්ථික විද්‍යාත්මක හෝරාවක් – ජනගත කෙරේ

ප්‍රවාහන ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් රචිත “2024 අය වැය ආර්ථික විද්‍යාත්මක හෝරාවක් ” කෘතිය ජන ගත කිරීම ඊයේ (10) ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සිදු කෙරුණා.

file

ආර්ථික විද්‍යා ක්ෂේත්‍රයට අදාළ කෘති 50 කට අධික සංඛ්‍යාවක් රචනා කළ බන්දුල ගුණවර්ධන මහතා 2024 අයවැය පිළිබඳව විද්‍යාත්මක විශ්ලේෂණයන් සහිතව “2024 අය වැය ආර්ථික විද්‍යාත්මක හෝරාවක් ” කෘතිය රචනා කර තිබෙනවා.

file

කෘතිය ජනගත කිරීමේ උළෙලේදී කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශය මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා, කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ හිටපු අංශ ප්‍රධානී මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨ පීඨාධිපති මහාචාර්ය ශ්‍රීනාත් හීනකෙන්ද මහතා විසින් විශේෂ ආරාධිත දේශණ සිදු කළා.

file

ගෞරවණීය මහා සංඝරත්නය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා, ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන මහතා, ජයන්ත කැටගොඩ මහතා ඇතුළු මහජන නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන්, විද්වතුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියා.

READ:   පාලනයේ වුවමනාව සහ ජනතාවගේ වුවමනාව එකට සමපාත වන ආණ්ඩුවක් ගොඩනගමු - අනුර කුමාර
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්