Monday, April 27, 2026
Homeවිදේශීයඉන්දුනීසියාවේ සහ පිලිපීනයේ ප්‍රබල භූ කම්පන දෙකක්

ඉන්දුනීසියාවේ සහ පිලිපීනයේ ප්‍රබල භූ කම්පන දෙකක්

ඉන්දුනීසියාවේ Talaud දූපත් ආශ්‍රිතව අද අලුයම ප්‍රබල භූ කම්පනයක් හට ගත් බව විදෙස් මාධ්‍ය පවසනවා.

මෙම භූ කම්පනය රික්ටර් මාපාංක 6.8ක ප්‍රබලත්වයකින් කිලෝමීටර් 91 ක ගැඹුරින් ඇතිවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මේ අතර තවත් භූ කම්පනයක් පිලිපීන වෙරළට ඔබ්බෙන් අද අලුයම හටගෙන ඇති බවත් එහි ප්‍රබලත්වය රික්ටර් මාපාංක 6.7ක් බවත් විදෙස් වාර්තා පවසනවා.

එම භූ කම්පනය හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති අතර එක්සත් ජනපද සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතියට අනුව ඉන් විශාල බලපෑමක් නොමැති බවයි සඳහන් වන්නේ.

READ:   චීනයේ ප්‍රබල භූ කම්පනයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්